කෙහෙළියට තවත් කේස් එකක්, පිළිකා රෝගීන්ගේ තවත් බෙහෙතකට වැඩේ දීලා

Report

අද (25) දින අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක් වන කෙහෙළිය රඹුක්වැල්ලට විරුද්ධව ඉදිරියේ දී නඩු පවරන බව පවසයි.

ඒ කෝටි ගණනක මුදල් වංචාවක් සම්බන්ධයෙන් බව සඳහන්.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

වාර්තා වන ආකාරයට ඔහුට ඇති චෝදනා වන්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දී තිබෙන ණය මුදල්වලින් ඉමියුනෝග්ලොබියුලීන් සහ පිළිකා රෝගීන් වෙනුවෙන් භාවිත කරන රිටොක්සිමැබ් නම් ප්‍රතිදේහ එන්නත් ව්‍යාජ ලේඛන ඔස්සේ ආනයනය කර තිබෙනවා.

අනතුරුව ඒවා රජයේ රෝහල්වලට බෙදා හැර රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්ත්වයකට පත් කිරීමයි.

ගුවන් තොටුපොළේදී කුඩා දරුවෙක් පොලේ ගහපු නරුමයෙක් අත්අඩංගුවට, සංවේදී දර්ශන සහිතයි

ගුවන් තොටුපොළේදී කුඩා දරුවෙක් පොලේ ගහපු නරුමයෙක් අත්අඩංගුවට, සංවේදී දර්ශන සහිතයි

එසේම හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මත පදනම්ව රුපියල් කෝටි 14 කට ආසන්න මුදලක් වියදම් කොට ඖෂධ ලෙස ලබා දී ඇත්තේ මරාන්තික බැක්ටීරියා සහිත වතුරයි.

ඒ බව ඉකුත් 19 වන දින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණා.

මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ පණිවිඩයක්

මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ පණිවිඩයක්