ඔත්තු බැලු බවට සැක 700ක් ඉරානයේ අත්අඩංගුවට
ඉරාන ඊශ්‍රායල යුධමය තත්ත්වය එන්න එන්නම දරුණු වූ අතර ඔවුන් සටන් විරාමයකට යාම දක්වා එය ප්‍රබල තත්ත්වයක් විය. එවැනි පසුබිමක් යටතේ ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාව මත පුද්ගලයින් 700 දෙනෙකු ඉරානය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
එම පුද්ගලයින් පසුගිය දින 12ක කාලය තුළ සිදුකළ මෙහෙයුම් වල දී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට අමතරව අදාළ මෙහෙයුම් අතරතුර කුඩා ඩ්‍රෝන යානා 10,000 කට අධික ප්‍රමාණයක් ද ඉරාන ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බව සඳහන් වේ.