ඉරාන - ඊශ්‍රායල සටන්විරාමයේ අලුත්ම තත්ත්වය, රටවල් තුනම දිනුම්ලු

United States of America Latest Headlines Sinhala news Breaking News Iran-Israel War
By Kaushi Jun 25, 2025 03:28 PM GMT
Kaushi

Kaushi

Report

දින 12 ක් පුරාවට පැවති ඉරානය සහ ඊශ්‍රායල දෙරට අතර යුධ ගැටුම් මේ වනවිට සමනය වෙමින් පවතින බව වාර්තා වේ.

මෙම සමනය වීම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු මැදිහත්වීමෙන් සිදුව ඇති බව සඳහන්.

ඒ ඉරාන -ඊශ්‍රායල සටන්විරාමය ක්‍රියාවට නැංවීමත් සමගයි.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

කෙසේ වෙතත් සටන් විරාමය නොතකා ඉරානය, මිසයිල ප්‍රහාර ගැසූ බවට ඊශ්‍රායලය චෝදනා කරමින් ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ද ඉරානයේ රේඩාර් මධ්‍යස්ථාන කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කර තිබුණේ ට්‍රම්ප් ජනාධිපතිවරයා කෝපයට පත්කරමිනි.

"අපි එකඟතාවකට ආව විතරයි ඊශ්‍රායලය බෝම්බ හෙලන්න පටන් ගත්තා. මට ඊශ්‍රායලය ගැන පැහැදීමක් නැහැ. මම කිව්වම පැය 12ක් තියෙනවා කියද්දි, පළවෙනි පැයේදිම ගිහින් බෝම්බ හෙලන්නේ නැහැනේ. මට ඉරානය ගැන පැහැදීමකුත් නැහැ. ඒත් ඊශ්‍රායලය කරපු දේ ගැන මට සතුටු නැහැ. මේ රටවල් දෙකක් දීර්ඝ කාලයක් තිස්සේ දරුණු සටනක පැටලී ඉන්නවා. ඔවුන් කරන්නේ මොනවද කියලා ඔවුන්ම දන්නේ නැහැ."

කෙසේ වෙතත් ඉන් අනතුරුව ප්‍රහාර නතරකර සටන් විරාමය සුරකින බවට දෙපාර්ශවයම නිවේදනය කළ අතර තම හමුදා ඊශ්‍රායල හමුදා පරාජය කරමින් යුද ජයග්‍රහණයක් ලද බව කියමින් ඉරාන ජනතාව ඊයේ (24) දින වීථි බැස සැමරුව බව ද වාර්තා වේ.

උසස් පෙළ විභාගය ගැන දැනුම්දීමක්

උසස් පෙළ විභාගය ගැන දැනුම්දීමක්

එසේම ඉරාන න්‍යෂ්ටික වැඩසටහන විනාශ කළ බවට සතුටට පත්ව සිටින ඊශ්‍රායල රජය ද යුද්ධයේ අවසානය වඩාත් අභිමානවත්ව සමරමින් සින බව සඳහන්.

මේ පිළිබඳව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු, "ඊශ්‍රායල පුරවැසියනි, රයිසින් ලයන් මෙහෙයුම යටතේ ගෙවුණු දින 12 තුළ අපි ඓතිහාසික ජයග්‍රහණයක් අත්පත් කරගත්තා. මේ ජයග්‍රහණය පරම්පරා ගණනාවක් පවතීවි. අපිට තිබුණු ප්‍රධාන තර්ජන දෙකක් අපි ඉවත් කළා. ඒ න්‍යෂ්ටික බෝම්බයකින් සමූලඝාතනය වීමට තිබූ අවදානම. අනික බැලැස්ටික් මිසයිල 20,000කින් වැනසීයාමට තිබූ අවදානම" ලෙස අදහස් දක්වා ඇත.

එසේම ට්‍රම්ප් කියා ඇත්තේ ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික වැඩබිම් වන ෆෝඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් වෙත අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ටික බලය මුළුමනින්ම අඩපණ වූ බවයි.

ලාෆ් ගෑස් තොග අවසන් – බෙදාහැරීම් නතරවෙයි, ජනතාව පීඩාවට

ලාෆ් ගෑස් තොග අවසන් – බෙදාහැරීම් නතරවෙයි, ජනතාව පීඩාවට

එහෙත් සිය ප්‍රහාරවලින් ඉරානයේ භූගත න්‍යෂ්ටික වැඩබිම් මුළුමනින්ම විනාශ වී නොමැති බවට අමෙරිකානු බුද්ධි අංශ වාර්තාවකින් හෙළි වී ඇත.

රහසේ මාධ්‍ය වෙත ලැබුණු මෙම වාර්තාවට අනුව බෝම්බ හෙලීමෙන් ෆෝඩෝ වැඩබිමේ පිවිසුම් අවහිර වී තවත් ගොඩනැගිලි කිහිපයකට හානි වී වුවත් එහි භූගත ප්‍රධාන ගොඩනැගිලි සංකීර්ණය සුරක්ෂිතව පවතින බව සඳහන්.

එනිසා ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ප්‍රමාද විය හැකි වුවත් එය මුළුමනින්ම නවැතී නොමැති බව ද බුද්ධි අංශ හෙළි කරයි.

එහෙත් ධවල මන්දිර ප්‍රකාශිකාව මෙය දැඩිව ප්‍රතික්ෂේප කරමින් කියන්නේ එය වැරදි වාර්තාවක් බවයි.

පෙන්ටගනය අවධාරණය කළේ ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික බලය මුලිනුපුටා දැමුණු බවයි. එසේම අද පටන් ආරම්භ වන නේටෝ රාජ්‍ය නායක සමුළුවට එක්වීමට නෙදර්ලන්තය බලා යන විට ජනාධිපති ට්‍රම්ප් තමන්ට ඉරාන රෙජීමය වෙනස් කිරීමට කිසිදු අවශ්‍යතාවක් නැති බව පැවසුවා.

"ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවන්නේ නැහැ. ඔවුන් එක දන්නවා. ඔවුන් හොඳ වෙළෙඳ රාජ්‍යයක් වෙන්න යන්නේ. ඔවුන් හොඳ වෙළෙඳ රාජ්‍යයක්. ඔවුන් සතුව තෙල් තියෙනවා. ඔවුන් න්‍යෂ්ටික අවියක් හදන්නේ නැහැ. නැහැ මට එය අවශ්‍ය නැහැ. රෙජීම හුවමාරුවක් හරිම වියවුලක් ඇතිකරනවා. අපිට එහෙම දෙයක් අවශ්‍ය නැහැ."

එමෙන්ම ඔහු ඊශ්‍රායල ඔත්තු නිලධාරීන් ප්‍රහාරයෙන් පසුව ෆෝඩෝ න්‍යෂ්ටික වැඩබිම වෙත ගොස් තත්ත්වය පරික්ෂා කිරීමෙන් විනාශය ගැන වාර්තා කළ බව පැවසුවත් ඊශ්‍රායල මාධ්‍ය එරට රජය එවන් සිදුවීමක් පිළිබඳ නොදැනුවත් බව වාර්තා කළා.

ගුවන් තොටුපොළේදී කුඩා දරුවෙක් පොලේ ගහපු නරුමයෙක් අත්අඩංගුවට, සංවේදී දර්ශන සහිතයි

ගුවන් තොටුපොළේදී කුඩා දරුවෙක් පොලේ ගහපු නරුමයෙක් අත්අඩංගුවට, සංවේදී දර්ශන සහිතයි

එසේම එක්සත් ජාතීන් යටතේ ක්‍රියාත්මක අන්තර්ජාතික පරමාණු බලශක්ති ඒජන්සිය සමඟ ඇති සහයෝගීතාවෙන් ඉවත් වීමට ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව ඇත.

කෙසේ වෙතත් ‍යුධ ගැටුම් නිමාවත් සමඟ ඊශ්‍රායලයේ ජන ජීවිතය සාමාන්‍ය අතට පත්වෙමින් තිබෙනවා.

එනිසා ජන ඒකරාශීවීම් සහ උත්සව පැවැත්වීමට පනවා තිබූ තහනම ඉතා ඉක්මනින් අහෝසි කරනු ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා කියයි.

තවද ඊශ්‍රායලය ගුවන්තොටුපොළ ද ජාත්‍යන්තර ගුවන් ගමන්වලට ඉක්මනින් විවෘත වනු ඇති බවද ඔහු පැවසුවා.   

මාලිමාවේ ධීවර ඇමති අනූනවයෙන් පැනගයි

මාලිමාවේ ධීවර ඇමති අනූනවයෙන් පැනගයි

ReeCha