පවුල් ආරවුලක් දුරදිගයාමෙන් නිවසකට ගිනි තියලා - සුරතලයට ඇති කළ සුනඛයා ද ගින්නට විසි කරලා..

Sri Lanka Police Sri Lanka
By krishani Feb 21, 2023 10:05 AM GMT
krishani

krishani

Report

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් නිවසකට ගිනි තැබූ පිරිසක් විසින් එම නිවසේ සුරතලයට ඇති කළ සුනඛයා ද ගින්නට විසි කර මරා දැමීමේ පුවතක් අළුබෝමුල්ල - මහබෙල්ලන, කොස් කහවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.

ගිනි තැබීමෙන් එම නිවසේ දේපළ රැසක් විනාශ වි ඇති අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ශිෂ්‍යාවකගේ සියලුම පොත් පත් ද විනාශ වී ඇත.

එම නිවසේ සුරතලයට ඇති කළ ටිම් නම් සුනඛයා ද ගින්නට විසිකර මරා දමා ඇත.ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ බව කියන ත්‍රිරෝද රථ රියැදුරන් වන පිය - පුතු දෙපළක් පොලිස් ආරක්ෂාව යටතේ පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

සැකකාර පිය - පුතු දෙපළ විසින් අළුබෝමුල්ල ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් තමන්ට පහර දුන් බවට පොලීසියට පැමිණිල්ලක් කර පිටව ගොස් මෙම නිවසට ගිනි තබා රෝහල් ගත වී ඇත්තේ.

එම පුත්‍රයා ගිනි තබන ලද නිවසේ තරුණියක සමඟ විවාහ වී පවුල් ආරවුලක් මත මේ වනවිට වෙන්වී ඇත. ඒ සම්බන්ධයෙන් දික්කසාද නඩුවක් ද විභාග වෙමින් පවති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join