දරුණු ඛේදවාචකයක් - වැඩිහිටි නිවාසයක ගින්නක් - පිරිසක් රෝහලේ
By Ashfa
හොරණ බටගොඩ ගල්පාත ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ගින්නක් හටගෙන ඇත.
මෙසේ ගිනි ගැනීමට ලක්ව ඇත්තේ 'සෙනෙහසේ කැඳැල්ල' නම් වැඩිහිටි නිවාසය වන අතර ගින්නෙන් තිදෙනෙකු හසු වී ඇති බව වාර්තා වේ.
අද (03) පස්වරුවේ මෙම ගින්න හට ගෙන ඇති බව පොලීසිය පවසන අතර මෙම වැඩිහිටි නිවාසය තුළ සිට පුද්ගලයින් 55දෙනෙකු තුවාල ලබා ගල්පාත සහ හොරණ රෝහල් වලට ඇතුලත් කර ඇත.
මෙම ගින්නෙන් පුද්ගලයන් 11 දෙනෙක් අතුරුදහන් වී ඇති බවද වාර්තා වේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 3ක් යොදවා අති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.