ප්‍රධාන නගරයක වෙළෙඳසැලක හදිසියේ ගින්නක්.

Police Accident Sri Lanka Fire Kaluthara
By Aruna Dec 01, 2021 02:20 AM GMT
Aruna

Aruna

Report

කළුතර, පයාගල, පාලයන්ගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ගොඩනැගිලි ඉදිකිරිම් ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසැලක ගින්න හටගෙන ඇති බවය.

කළුතර ගිනි නිවිම් ඒකකයේ නිලධාරින් විසින් අදාළ ගින්න මැඩපත්වා ඇති බව සඳහන් වේ.

ගින්න සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී ගින්නට හේතුව ගෑස් කාන්දුවකින් සිදු වූ පිපිරමක් නොවන බවට අනාවරණය වූ බව පොලීසිය පැවසුවේය.

කෙසේවෙතත් ගින්නෙන් වෙළෙසැලේ හිමිකරුට සුළු තුවාල සිදුව තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now