ශ්‍රී පාදයේ ගොස් කට වරද්ද ගත් අයට වැඩ වරදී

Report

2024-2025 ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භකර මාස තුනක් තුළ හැටන් මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි පුද්ගලයින් 592කු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 60කට අධික දඩ මුදලක් නියම කර තිබෙනවා.

පසුගිය දෙසැම්බර් මස 24 වනදා සිට මාර්තු 23 වනදා දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිළිගත් පසු මෙලෙස රුපියල් 6,029,324 දඩ මුදල් නියම කර ඇති බව සඳහන් වෙනවා.

එම චූදිතයන් කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි අවුරුදු 20-45 ත් අතර විවිධ වයස් කාණ්ඩවල පසුවන අය බව සඳහන් වෙනවා.

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා හැටන්, බගවන්තලාව, නොර්වුඩ්, මස්කෙලිය, නොර්ටන්බ්‍රිජ්, නල්ලතන්නිය, පොල්පිටිය, වටවල සහ ගිනිගත්හේන යන පොලිස් ස්ථානවල පොලිස් නිලධාරින් සහ හැටන් පොලිස් කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් අඛණ්ඩව මෙහෙයුම් සිදුකරනු ලබනවා.

නාමල්ට තද වෙයි මූණ දෙක වෙයි! ප්‍රවීණයන්ට වැටුණු සම්බාධකවලට නාමල්ගෙන් දැඩි විවේචනයක් (VIDEO)

නාමල්ට තද වෙයි මූණ දෙක වෙයි! ප්‍රවීණයන්ට වැටුණු සම්බාධකවලට නාමල්ගෙන් දැඩි විවේචනයක් (VIDEO)

එස්. වියාලේන්ද්‍රන් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට...

එස්. වියාලේන්ද්‍රන් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට...