දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතයට අලුත් නීති - දරුවන්ට අන්තජාලයෙන් බේරාගැනීමට කටයුතු

Report

යුරෝපා සංගමය දරුවන්ගේ සමාජ මාධ්‍ය පරිශීලනය සීමා කිරීම සඳහා නව ප්‍රතිපත්තිමය යෝජනාවක් සකස් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා වේ.

නව යෝජනාවට අනුව, වයස අවුරුදු 13ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිත කළ හැක්කේ දෙමාපියන්, භාරකරුවන් හෝ ගුරුවරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ, සීමිත කාල සීමාවන් සඳහා පමණක් වන පරිදි නීති පැනවීමටයි නිර්දේශ කර ඇත.

රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවේදනයක් - අග්‍රහාර රක්ෂණය ගැන දැනුම්දීමක් - ජූලි 31න් අවසන්

රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවේදනයක් - අග්‍රහාර රක්ෂණය ගැන දැනුම්දීමක් - ජූලි 31න් අවසන්

ළමුන් අන්තර්ජාලය තුළ මුහුණ දෙන අවදානම් සහ ඇබ්බැහිවීම් අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.

යුරෝපීය කොමිසමේ සභාපතිනි ප්‍රකාශ කළේ, ඇල්ගොරිතම මඟින් දරුවන්ගේ පෞරුෂය හැඩගැස්වීමට පෙර, ඔවුන්ට සැබෑ ලෝකය තුළ ජීවත් වීමට සහ අත්දැකීම් ලැබීමට කාලය තිබිය යුතු බවයි. මේ අනුව මෙම යෝජනාව ඉදිරි මාස කිහිපය තුළ නීතිමය කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.