ලෝකයම නොඉවසිල්ලෙන් බලා ඉන්න, අවසන් සටනේ කාසියේ වාසිය තීරණය වෙයි..

Report

අද (29) T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙයි.

ලෝකයම නොඉවසිල්ලෙන් බලා ඉන්න, අවසන් සටනේ කාසියේ වාසිය තීරණය වෙයි.. | Final Match Of T20 World Cup Cricket Tournament

එම තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායම හිමි කර ගත්තේ ය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.

තරගය තව සුළු මොහොතකින් බාර්බඩෝස් හිදී ආරම්භ වීමට නියමිතය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ මෙතෙක් අවාසනාවන්තම කණ්ඩායම ලෙසින් සැලකුණු දකුණු අප්‍රිකා කණ්ඩායම සිය ක්‍රිකට් වංශකතාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කර තිබෙනවා.

ඒ අවසන් පූර්ව වටයේ දී පෙරළිකාර ඇෆ්ගනිස්තානය පරාජය කරමින් ඉතිහාසයේ පළමුවරට ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගැනීමටයි.

ඉන්දියාව අවසන් මහා තරගයට පිවිසියේ අවසන් පූර්ව තරගයේදී ගියවර ශූරයින් වූ එංගලන්තය පරාජය කරමින් ය.

ලෝකයම නොඉවසිල්ලෙන් බලා ඉන්න, අවසන් සටනේ කාසියේ වාසිය තීරණය වෙයි.. | Final Match Of T20 World Cup Cricket Tournament

කෙසේ වෙතත්, ඒඩ්න් මාක්‍රම්ගේ නායකත්වය යටතේ 2014 වසරේ දී වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය දිනූ දකුණු අප්‍රිකාව මෙවර ඔහුගේ නායකත්වය යටතේ පළමුවරට ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගැනීමේ අරමුණින් අද පිටියට පිවිසීම විශේෂත්වයක් වේ.