කම්කරු සංගම් කාර්යාලයට හිටපු ඇමතිවරු කඩා පැන සිදු කළ දේ CCTV වලින් එළියට (CCTV VIDEO)

Srilanka covid 19 Corona virua
By Sithumi Oct 01, 2021 02:29 PM GMT
Sithumi

Sithumi

Report

රාජගිරිය ලංකා ජාතික වතු කම්කරු සංගම් කර්යාලයේ පසුගියදා ඇති වු සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ප්‍රමාද බවට එහි ලේකම් වඩිවෙල් සුරේෂ් මහතා චෝදනා කරයි. 

 එක්සත් ජාතික පක්ෂය සහ එම පක්ෂයෙන් වෙන්ව ගිය සමගි ජන බලවේගය අතර ලංකා ජාතික වතු කම්කරු සංගමයේ බලය මුල් කරගනිමින් ගැටලුවක් හටගත් අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ නඩුවක්ද විභාග වේ. මෙවැනි පසුබිමක රාජගිරියේ පිහිටි ලංකා ජාතික වතු කම්කරු සංගම් කර්යාලයේ පසුගියදා ඇති වු සිද්ධියක් සම්බන්ධයෙන් වඩිවෙල් සුරේෂ් මහතා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය. 

 "2021.09.08 වන දින එම සංගමයේ මුලස්ථානයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසක් ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් සහ නාඳුනන පිරිසක් යකඩ කූරු හා පොලු සමඟ බලහත්කාරයෙන් ඇතුළු වුණා. සාගල රත්නායක මහතා, රුවන් විජේවර්ධන මහතාත්, නවීන් දිසානායක මහතාත් කාර්යාලයේ දොරවල් කඩා ඇතුළු විය." මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, "මෙම සංගමය පිළිබඳව නඩුවක් උසාවියේ තිබුණා. 

ඒ අනුව තාවකාලික නියෝගයක් හම්බවුණා යෝගරාජන් මැතිතුමා එතැනට පත්කරලා. එතැනදි මෙතුමත් ඇවිල්ලා ප්‍රශ්නයක් ඇතිවෙලා ඒක පොලීසියට ගිහින් දැන් පසුව උසාවියට අපහස කිරීමේ චෝදනාවක් දාලා තියෙනවා." යනුවෙනි. රාජගිරියේ පිහිටි ලංකා ජාතික වතු කම්කරු සංගම් කර්යාලයේ ඇති වූ සිද්ධියට අදාළ බව කියන CCTV දර්ශන සහ තවත් දර්ශන කිහපයක් අද (01)වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයා මාධ්‍යයට ලබාදුන්නේය. 

 එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමතිවරුන් වන සාගල රත්නායක, නවීන් දිසානායක හා රාජ්‍ය අමාත්‍යවරයකු වූ රුවන් විජයවර්ධන යන මහත්වරුන් ලංකා ජාතික වතු කම්කරු සංගම් කාර්යාලයට ඇතුළු වන අකාරය එම CCTV කැමරාවල මෙලෙස සටහන්ව තිබුණි. වඩිවෙල් සුරේෂ් මහතා සිද්ධිය සම්බන්ධයෙන් අදත් අදහස් පළ කළේය. "ලංකා ජාතික වතු කම්කරු සංගමයේ කාර්යාලය කඩලා කුඩු කරනවා හිටපු ඇමතිවරු

. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙලත් නෑ නමුත් එයලාට MSD. මහජනතාව ප්‍රතික්ෂේප කරපු කට්ටිය කම්කරු කාර්යාල කඩලා පොලීසියට කිව්වා, පොලීසියෙන් තාම ඇක්ෂන් නෑ. පාර්ලිමේන්තුවේ කථානායකතුමාට කිව්වා තාම පිළිතුරුක් හම්බවුණේ නෑ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha