SOS ගම්මානේ දරුවන් 50කටත් වැඩිහිටි නිවාසයක 46කටත් කොවිඩ්.. තිදෙනෙක් මරුට
පිළියන්දල එස්ඕඑස් ගම්මානයේ දරුවන් ඇතුළු විශාල පිරිසකට කොවිඩ් -19 වැලඳී ඇතැයි වාර්තා වෙයි.
අප වාර්තාකරු පැවසුවේ එම ගම්මානයේ වෙසෙන දරුවන් 50 පමණ ඇතුළු 91 දෙනෙක් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසූ බවය.
මේ වන විට එම ළමා ගම්මානයට අමුත්තන් පිවිසීම මෙන්ම බාහිරව සිට පැමිණෙන සියලුම දරුවන්ගේ ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි ගම්මානයේ අධ්‍යක්ෂකවරයා කීය.
එමෙන්ම, වැඩිහිටි නිවාසයක කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. මහනුවර පිහිටි එම වැඩිහිටි නිවාසයෙන් මේ වනවිට කොවිඩ් ආසාදිත පුද්ගලයින් 46 දෙනෙකු ද හඳුනාගෙන තිබේ.
ඊයේ (15) රාත්‍රියේ ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර අද (16) අනෙක් පුද්ගලයා මියගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.
මහනුවර මහනගර සභාවේ සෞඛ්‍ය අංශය සඳහන් කළේ එම වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 63 දෙනෙකු නේවාසිකව රැඳීසිටින බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |