ප්‍රධාන නගරයක ගින්නක්..වෙළඳසැල් කිහිපයකට හානි..

Police spokesman Sri Lanka Police Sri Lanka Accident
By Aruna Jul 20, 2023 01:23 AM GMT
Aruna

Aruna

Report

වවුනියාව පැරණි බස් නැවතුම්පොළ අසළ වෙළඳසැළක් ඊයේ (19) රාත්‍රියේ ගිනිගෙන විනාශ වි ඇති බව වවුනියාව පොලිසිය පවසනවා.

පැරණි බස් නැවතුම්පොළ අසළ හෝටලක් එලෙස ගිනිගෙන විනාශ වි ඇති බවයි වවුනියාව පොලිසිය කියා සිටියේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර, වවුනියාව නගර සභා ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ගින්න නිවා දැමුවද,ගින්නෙන් හෝටලයේ පැවති භාණ්ඩ සියල්ල විනාශ වී ඇති අතර, ගින්න හේතුවෙන් අදාළ වෙළඳසැළට යාබද වෙළඳසැල් කිහිපයකට හානි සිදුව තිබූ බවයි වාර්තා වන්නේ.

වවුනියාව පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ReeCha