පොහොර නැවක් කොළඹට..

Mahinda Amaraweera Sri Lanka Ministry of Agriculture
By Sewvandhi Aug 06, 2023 08:09 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙට්‍රික් ටොන් 8,500ක යූරියා පොහොර නැවක් ජපාන ආධාර යටතේ කොළඹ වරායට ළඟා වී තිබේ.

කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරන්නේ, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම වැඩසටහන යටතේ ජපාන රජය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කය හා උතුරු පළාතේ ගොවි ජනතාවට ලබාදීම සඳහා මෙම පොහොර තොගය පරිත්‍යාග කර ඇති බවයි.

 ඊයේ (05) රාත්‍රියේ,  කොළඹ වරායට ළඟා වූ අදාළ නෞකාවේ ඇති පොහොර ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇති අතර, එම පොහොර තොගය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත හෙට නිල වශයෙන් භාරදීමට නියමිතයි.

මේ අතර, පෙරේදා දිනයේ කොළඹ වරායට ළඟා වූ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 18,000ක තොගයක් රැගත් නෞකාවේ පොහොර, දිවයින පුරා ගොවිජන මධ්‍යස්ථානවලට බෙදාහැරීමේ කටයුතු මේ වන විට සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කර ඇත

ReeCha