රුපියල් 25000 හේ පොහොර සහනාධාරයට සිදු වූ දේ..ගොවීන්ට අහිමි වෙයි?..

Sri Lanka Government Of Sri Lanka Ministry of Agriculture
By Aruna Nov 27, 2024 05:53 AM GMT
Aruna

Aruna

Report

මෙවර මහ කන්නයේදී ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා හෙක්ටෙයාර් එකකට රුපියල් 25,000 ක් ලබාදෙන බව වර්තමාන රජය ප්‍රකාශ කළ නමුත් තවමත් එම මුදල ගොවීන්ට ලැබී නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා අවධාරණය කර සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා මේ බව කියා සිටියේ, සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී පැවැති ඊයේ (26) මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදීයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ ය.

උතුරු මැද පළාතේ ගොවීන් ඇතුළු රටේ ප්‍රදේශ ගණනාවක කුඹුරුවල වී වපුරන කාලය ආරම්භ වෙලා තිබෙනවා.

මේ රටට බත සපයන, ජාතික ආර්ථිකයට ශක්තියක් වන වී ගොවියා ගැන පසුගිය කාලයේ කතා කළ නාමල් කරුණාරත්න මහතා අද කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරනවා.

22 හැවිරිදි තරුණියක් බසයේ කරන අමුතුම රස්සාව.. නගින්න…නගින්න…අම්බලන්ගොඩ…”

22 හැවිරිදි තරුණියක් බසයේ කරන අමුතුම රස්සාව.. නගින්න…නගින්න…අම්බලන්ගොඩ…”


නමුත් එදා ගොවීන්ට අවශ්‍ය පොහොර ඉල්ලා උද්ඝෝෂණය කළ විරෝධතා පැවැත් වූ නාමල් කරුණාරත්න මහතා අද නිහඬ වෙලා තිබෙනවා.

ගොවීන්ට අත්වී තිබෙන ඉරණම ගැන අද ඔවුන් කතා කරන්නේ නෑ. බහුතර බලයක් තිබෙන ජනාධිපතිවරයා සහ කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පිළිබඳව අපි කණගාටු වෙනවා.

පසුගිය රජය ගොවින්ට පොහොර ගන්න හෙක්ටයාරයකට රුපියල් 15,000 ක මුදලක් ලබාදුන්නා.

වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතා කිව්වා ගොවීන්ට පොහොර ගන්න හෙක්ටයාරයකට රුපියල් 25,000 ක් ලබාදෙනවා කියලා.

මේ මුදලත් අදියර දෙකකට දෙන බව තමයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබෙන්නේ.

නමුත් මේ මුදල් තවම ගොවීන්ට ලබාදීමට රජයට නොහැකි වෙලා තිබෙනවා.

මහ බැංකුව විසින් හදුන්වාදුන් නව පොලී අනුපාතයේ අගය මෙන්න..බැංකු ගිණුම් හිමියන්ට කුමක් වෙයිද?

මහ බැංකුව විසින් හදුන්වාදුන් නව පොලී අනුපාතයේ අගය මෙන්න..බැංකු ගිණුම් හිමියන්ට කුමක් වෙයිද?


ජනාධිපති අනුර දිසානායක මහතා සහ කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගත යුතුයි.

ගොවින්ට ලබා දෙන බවට පොරොන්දු වුණ රුපියල් 25,000 වහාම ගොවින්ට ලබා දෙන්න රජය කටයුතු කළ යුතුයි. ඒ මුදල් අදියර වශයෙන් ගොවීන්ට ලබාදීලා වැඩක් වෙන්නේ නෑ.

You May Like This Video



ReeCha