පොහොර මිල ආපහු ඉහළට - ගොවීන් තවත් පීඩාවකට
ගෝලීය වෙළෙඳපොළේ පොහොර මිල ඉහළ යාමත් සමඟ දේශීය පොහොර මිලද ඉහළ යමින් පවතින බව වාර්තා වේ.
කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත් මහතා, දිවයිනේ දිස්ත්‍රික් කෘෂිකාර්මික සංවිධාන නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කළේය.
සහනාධාර මිලට පොහොර සැපයීම රජයේ වගකීමක් බවත්, එය මෙම ගැටලුවෙන් ඔබ්බට ඉටු කරන බවත් ඔහු සඳහන් කළේය.