පොහොර ලැබෙන බව දැනගැනීමෙන් පසු ගොවීන් කරපු දේ

Corona virus covid 19 Srilamka
By Sithumi Oct 15, 2021 01:53 PM GMT
Sithumi

Sithumi

Report

මෙවර මහ කන්නය සඳහා අම්පාර ගොවීන්ට පොහොර ලැබෙන බවට විශ්වාසය ඇති වීමත් සමඟ කඩිනමින් වී ගොවිතැන සිදු වන ආකාරය අම්පාර දිස්ත්‍රික්කයේ සිදු කළ සංචාරයකදී දැක ගත හැකි විය.

නියමිත පරිදි පොහොර ලැබෙනවා නම් තමන් ගොවිතැන් කරන බව එහි ගොවියෝ සඳහන් කරති. අම්පාර දිස්ත්‍රික්කයට අවශ්‍ය කොම්පෝස්ට් හා කාබනික දියර පොහොර හා පොටෑසියම් ක්ලෝරයිඩ් යන පොහොර වර්ග තුනම මේවන විටත් අම්පාර ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත ලැබෙමින් පවතින අයුරුද දැක ගත හැකි විය.

උසස් ප්‍රමිතියෙන් යුත් නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කරන බවත්, මේ මස අගවන විට නයිට්‍රජන් පොහොර ද අම්පාර ඇතුළු බහුලව වී ගොවිතැන් කරන දිස්ත්‍රික්වලට ලබා දිය හැකි බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කළේය.

මෙවර මහ කන්නයේ වී වගාවෙන් ආදායම අඩු වුව හොත් අඩු වන අදායම වෙනුවට රජයෙන් වන්දි ලබා දීමට කටයුතු කරන බවට රජය සහතික වීමත් සමඟ ගොවිතැනින් ඈත් වීමට තීරණය කර සිටි ගොවීන්ද දැන් තම කුඹුරු ඉඩම් වගා කීරිමට පෙළඹී ඇති බව දිස්ත්‍රික් බොහෝමයක ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරු කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී ඇත. ජයසූරිය උඩුකුඹුර මාධ්‍ය ලේකම්