පාසල් සිසුන්ට සිසිල් බීම කියා මත්වතුර පොවලා

liquor mahiyanganaya giradhuru kotte rathkidha mahavali village
By Sewvandhi Jul 19, 2021 03:08 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාසල් යන වයසේ බාලවයස්කාර ළමයින් දෙදෙනකුට මත්වතුර පෙවූ පුද්ගලයෙක් පිළිබඳව ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා මොහු රත්කිඳ මහවැලි ගම්මානයේ පදිංචි දරුවන් 9 දෙනකුගේ පියෙක් එමෙන්ම පෞද්ගලික ගොවිපොළක රැකියාවක් කරන 58 වියැති අයෙක් .

ඉකුත් 15දින සවස් කාලයේදී මෙම සැකකරු තම නිවෙසේ ඉස්තෝප්පුවට වී මත්පැන් පානය කරමින් සිටින විටදී ඔහුගේ නිවෙස අසලින් ළමයින් දෙදෙනෙක් වෙළෙඳසලකට යමින් සිට තිබෙනවා එවිට සිසිල් බිම බොන්න වරෙල්ලා යැයි කියමින් එම ස්ථානයට ළමයි ගෙන්වා ගෙන සිසිල් බීම බව කියමින් පීරිසි කෝප්පවලට මත්පැන් වත්කොට පානය කිරීමට දී තිබෙනවා.

අවුරුදු 9 හා10 වියැති මෙම ළමයි දෙදෙනා අසල්වැසි නිවෙස් දෙකක ළමුන් බවයි පැවසෙන්නේ තම දරුවාගේ ඇස් රතුපාට වීම හා වාඩි වී වැනි වැනී සිටීම පිළිබඳව මව විසින් දරුවාගෙන් විමසීමේදී දරුවා පැවසූ කරුණු අනුව ළමයාගේ මව 16 වැනිදා පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

  පසුව පොලිස් කණ්ඩායමක් එම ගම්මානයට ගොස් සැකකරු නිවෙසින් බැහැර ස්ථානයක සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙන අතර සිද්ධිය පිළිබඳව පොලිස් පරීක්ෂණ තවදුරටත් සිදුකෙරෙමින් පවතිනවා පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මහියංගණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් ඒ.ඒ. ප්‍රියංකර ලක්ෂ්මන් මහතාගේ නියෝගය පරිදි සැකකරුව ජූලි 22දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි වාර්තා වන්නේ.

  සිද්ධියට මුහුණ දුන් එක් ළමයකු ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා මහියංගණ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha