ජල මූලාශ්‍ර 31කට අසූචි මිශ්‍ර වෙලා..ටැප් ජලය පානය කරන්න එපා..මේ ප්‍රදේශ වල අයට රතු එළියක්..

Provincial Council Polonnaruwa Water Board Water
By Aruna May 24, 2023 03:34 AM GMT
Aruna

Aruna

Report

ගම්පොළ දොළුවේ පවුල් 15000ක් බොන වතුරට අසූචි මිශ්‍ර වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එම ජලය පානය කිරීමෙන් පාචනය වැළදී අවුරුදු 14ක පාසල් සිසුවෙක් ද මිය ගොස් ඇති බවයි වාර්තා වනේනේ.

ගම්පොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය සඳහන් කළේ, ගම්පොළ දොළුව ප්‍රදේශයේ ජනතාව පරිභෝජනයට ගන්නා ජල මූලාශ්‍ර 31ටම අසූචි මිශ්‍ර වී ඇති බවයි.

එමෙන්ම දිඹුලාගල ප්‍රදේශයේ සිරිපුර, නුවරගල ,වෙහෙරගල ගම්මානවලට ජලය ලබා දෙන පානීය ජල ටැංකිවලට කල් ඉකුත් වූ ක්ලෝරීන් මිශ්‍ර කර ඇති බවට හෙළි වී තිබෙනවා.

ඒ අනුව පවුල් 7000ක පුද්ගලයින් 25000ගේ ජීවිත අවදානමට ලක් ව ඇති බව සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කරනවා.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම ප්‍රාදේශීය සභාවෙන් ලබා දෙන ජලය පානය කිරීමෙන් වැළකී හැකිතාත් පිරිපහදු කළ පානීය ජලය පානය කරන ලෙසයි.

අදාළ පුද්ගලයින් මෙම කල් ඉකුත් වීමේ දිනය වසා වෙනස් ස්ටිකර් එකක් අලවා ඇති බවයි පොළොන්නරුව පළාත් පාලන සහකාර කොමසාරිස් ජේ. එම් අමීන් සඳහන් කළේ.

තවද බෝගම්බර හිර ගෙදර අපද්‍රව්‍ය මහවැලියට බැහැර කරන බවටත් ඉන් මහවැලියේ ජලය දැඩි ලෙස දූෂණයට ලක්ව ඇති බවටත් චෝදනා එල්ල වී තිබෙනවා.

එමෙන්ම වැඩිදුරටත් සඳහන් වන්නේ මේ සම්බන්ධයෙන් නඩු දැමීමට ආණ්ඩුකාරවරයා උපදෙස් ලබා දී ඇති බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now