ලෝකයේම ඇස් උඩ යයි - පිහාටු සහිත ඩයිනසෝරයෙකුගේ පොසිල මතුවෙයි [PHOTO]

By Ashfa May 12, 2026 02:31 PM GMT
Report

1996 වසරේදී චීනයෙන් හමුවූ සුවිශේෂී පොසිලයක් හරහා ඩයිනසෝරයන් පිළිබඳ එතෙක් පැවති මතයන් සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට විද්‍යාඥයන් සමත්ව ඇත. පිහාටු සහිත ඩයිනසෝරයෙකු පිළිබඳ ලොව ප්‍රථම ස්ථිර සාක්ෂිය ලෙස මෙම පොසිලය ඉතිහාසයට එක්වන බව වාර්තා වේ.

මෙම සොයාගැනීමට පෙර, ඇතැම් පාෂාණධාතු විද්‍යාඥයන් (Palaeontologists) විසින් ඩයිනසෝරයන්ගෙන් පක්ෂීන් පරිණාමය වූ බවට අනුමාන කළද, ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් එය මතභේදාත්මක කරුණක් ලෙස පැවතුණි. කෙසේ වෙතත්, මෙම චීන පොසිලය හමුවීමත් සමඟ ඩයිනසෝරයන්ට පිහාටු තිබූ බවට වූ මතය තහවුරු විය.

එනපොටනම් හොද නෑ - තලපති විජේගෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ගැන ලිපියක් - රාජ්‍ය තාන්ත්‍රික පීඩනයක්

එනපොටනම් හොද නෑ - තලපති විජේගෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ගැන ලිපියක් - රාජ්‍ය තාන්ත්‍රික පීඩනයක්

ප්‍රකට කැනේඩියානු පාෂාණධාතු විද්‍යාඥ Philip Currie මෙම සුවිශේෂී පොසිලය පරීක්ෂා කිරීමට අවස්ථාව ලැබුණු මුල්ම විද්‍යාඥයෙකි. ඔහු පවසන පරිදි, එකල බටහිර පර්යේෂකයන්ට චීනයට ගොස් මෙවැනි පරීක්ෂණ සිදු කිරීම අතිශය අභියෝගාත්මක කටයුත්තක් විය.

"මෙම සොයාගැනීම මුළු විද්‍යා ලෝකයම උඩුයටිකුරු කළා. ඩයිනසෝරයන් සහ පක්ෂීන් අතර ඇති සම්බන්ධය මින් මනාව තහවුරු වුණා," යැයි විද්‍යාඥ කරී සඳහන් කර ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

පෞද්ගලික අංශයේ වැටුප් ගැන ආරංචියක් - කම්කරු අමාත්‍යාංශයේ අවධානයට

පෞද්ගලික අංශයේ වැටුප් ගැන ආරංචියක් - කම්කරු අමාත්‍යාංශයේ අවධානයට

මරණය පරාජය කරන්න කවිඳුට උදව් කරන්න

මරණය පරාජය කරන්න කවිඳුට උදව් කරන්න

Gallery