බංග්ලාදේශයේ හිස ඔසවන භයානක රෝගයක් - සැකකටයුතු මරණ වල ඉහළ යෑමක්
බංග්ලාදේශයේ පවතින සරම්ප රෝග ව්‍යාප්තිය හමුවේ රෝගීන් මියයාම පිළිබඳ නිකුත් කරන සංඛ්‍යා දත්තවල ගැටලු පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව එම වාර්තා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අධ්යක්ෂ මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල දෙකක දත්තවලට අනුව, නිල සංඛ්‍යාලේඛනවලට වඩා අවම වශයෙන් තවත් සැකකටයුතු මරණ 34 ක් වාර්තා වී ඇති බැවින් සරම්ප රෝගයෙන් මියගිය සැබෑ සංඛ්‍යාව මධ්‍යම ලේඛනගත දත්තවලට වඩා වැඩි විය හැකි බවයි.
බංග්ලාදේශයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් කාර්යාලයේ මධ්‍යම දත්තවලට අනුව, මයිමන්සිං (Mymensingh) ප්‍රාන්තයෙන් කිසිදු සැකකටයුතු මරණයක් වාර්තා වී නැත. කෙසේ වෙතත්, මයිමන්සිං ප්‍රාන්තය සඳහා වන DGHS අධ්යක්ෂ කාර්යාලයේ දත්තවලට අනුව ඉකුත් සතියේ තහවුරු කරන ලද මරණ දෙකට අමතරව තවත් සැකකටයුතු මරණ 25 ක් එහි වාර්තා වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ මෙම සැකකටයුතු මරණ සියල්ලම මයිමන්සිං වෛද්‍ය විද්‍යාල රෝහලේදී (MMCH) සිදු වූ ඒවා බව එම රෝහලේ සහකාර අධ්යක්ෂ (පරිපාලන) මයිනුද්දීන් ඛාන් පවසා තිබෙන බවයි.
ඉකුත් අඟහරුවාදා වන විට සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 25 ක් බව තහවුරු කළ ඔහු, එම දත්ත DGHS මූලස්ථානය වෙත යවා ඇති බවද සඳහන් කර ඇත. DGHS හි මයිමන්සිං අධ්යක්ෂ ප්‍රදීප් කුමාර් සහා පවසා ඇත්තේ, තමන් සිවිල් ශල්‍ය වෛද්‍ය කාර්යාලයෙන් සහ වෛද්‍ය විද්‍යාල රෝහලෙන් දත්ත එකතු කළද, එම දත්ත සෘජුවම මූලස්ථානය වෙත නොයවන බවයි.
සිවිල් ශල්‍ය වෛද්‍ය කාර්යාලය විසින් දත්ත මූලස්ථානය වෙත යවනු ලබන බව ඔහු ‘ද ඩේලි ස්ටාර්’ (The Daily Star) පුවත්පතට පවසා ඇත. මධ්‍යම දත්ත මගින් බරිෂාල් (Barishal) ප්‍රාන්තයේ සැකකටයුතු මරණ 11 ක් සහ තහවුරු කරන ලද මරණ 5 ක් පෙන්වන අතර, ප්‍රාදේශීය දත්තවලට අනුව මාර්තු මාසයේ සිට සැකකටයුතු මරණ 22 ක් සහ තහවුරු කරන ලද මරණ 3 ක් වාර්තා වී තිබෙන බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.