උමා ඔය ඉඩම් ගැටලුවට කැබිනට් අනුකමිටුවෙන් සාර්ථක විසඳුම්

Report

දීර්ඝ කාලයක් පුරාවට උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය හේතුවෙන් වැලිමඩ, ඌව පරණගම සහ හාලිඇළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව මුහුණ දුන් ඉඩම් සහ වන්දි ගැටලු සඳහා ස්ථීර විසඳුම් ලබා දීමට රජය පියවර ගෙන තිබේ.

මීට පෙර පැවති තක්සේරු කිරීම්වල අසාධාරණත්වයක් ඇති බවට ජනතාව නැගූ විරෝධතාවලට ප්‍රතිචාර දක්වමින්, කැබිනට් අනුකමිටුව මැදිහත් වී වඩාත් විද්‍යාත්මක තක්සේරුකරණයකට අනුව වන්දි පිරිනැමීමට තීරණය කර ඇත.

යම් පොලිස් ස්ථාන ප්‍රමාණයක් වහන්න සුදානම්? - විශේෂ හෙළිදරව්වක්

යම් පොලිස් ස්ථාන ප්‍රමාණයක් වහන්න සුදානම්? - විශේෂ හෙළිදරව්වක්

මෙම ක්‍රියාවලියේ පළමු අදියර යටතේ ජලාශ ඉදිකිරීමේදී ඉඩම් අහිමි වූ පුද්ගලයින් 246 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 300කට අධික ප්‍රතිපාදන වෙන් කර තිබේ.

එහි මූලික පියවරක් ලෙස ඌව පරණගම සහ වැලිමඩ ප්‍රදේශවල පවුල් 73ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 12 බැගින් වූ වන්දි චෙක්පත් ප්‍රදානය කිරීම අද (2026 මැයි 12) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු විය.

කැඩී වෙන් වී ගිය මන්ත්‍රීලා 10ක් යළි පොහොට්ටුවට ?

කැඩී වෙන් වී ගිය මන්ත්‍රීලා 10ක් යළි පොහොට්ටුවට ?