කැඩී වෙන් වී ගිය මන්ත්‍රීලා 10ක් යළි පොහොට්ටුවට ?

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (SLPP) ඉවත් වී වෙනත් පක්ෂ සහ සන්ධාන සමඟ එක්ව කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු නැවත සිය මව් පක්ෂය සමඟ එක්වීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක්ම පසුගිය දිනවල පවත්වා ඇති බව වාර්තා වේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිල තීරණයට පටහැනිව ගිය මන්ත්‍රීවරුන් පිරිසක් මැතිවරණ පරාජයෙන් පසු දේශපාලන වශයෙන් නිහඬව සිටියහ.

දැනට ලැබෙන තොරතුරුවලට අනුව, නැවත පක්ෂය හා එක්වීමට සූදානම් වන පිරිස අතර එලෙස වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ ප්‍රබලයන් කිහිපදෙනෙකු ද සිටින බව පැවසේ.

යම් පොලිස් ස්ථාන ප්‍රමාණයක් වහන්න සුදානම්? - විශේෂ හෙළිදරව්වක්

යම් පොලිස් ස්ථාන ප්‍රමාණයක් වහන්න සුදානම්? - විශේෂ හෙළිදරව්වක්

මත්ද්‍රව්‍ය භාවිත කරන රියදුරන්ට වැඩ වරදියි

මත්ද්‍රව්‍ය භාවිත කරන රියදුරන්ට වැඩ වරදියි