අබිරහසක් ඉතිරි කරමින් මිය ගිය කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය ගැන තීන්දුවක්

Report

අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (2026 මැයි 12) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ පවත්වන ලදී.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) විසින් විමර්ශනවල වත්මන් ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ අතර පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ වාර්තා ද ඉදිරිපත් කෙරිණි. විමර්ශන නිලධාරීන් මෙහිදී අධිකරණයෙන් සුවිශේෂී ඉල්ලීම් කිහිපයක් සිදු කරන ලදී.

පෞද්ගලික අංශයේ වැටුප් ගැන ආරංචියක් - කම්කරු අමාත්‍යාංශයේ අවධානයට

පෞද්ගලික අංශයේ වැටුප් ගැන ආරංචියක් - කම්කරු අමාත්‍යාංශයේ අවධානයට

මරණකරුගේ ශරීරයෙන් ලබාගත් රුධිර සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට අවසර ඉල්ලා සිටි අතර, වඩාත්ම අවධානයට ලක්වූ කරුණ වූයේ මරණකරුගේ ජංගම දුරකථනය විවෘත කර ගැනීමට ඇති බාධාවයි.

එහි මුරපදය ලෙස 'මුහුණ හඳුනාගැනීමේ' (Face ID) තාක්ෂණය භාවිත කර ඇති බැවින්, එය විවෘත කර දත්ත ලබා ගැනීම සඳහා නිෂ්පාදිත සමාගම වෙත යොමු කිරීමට අධිකරණ නියෝගයක් පොලීසිය විසින් ඉල්ලා සිටින ලදී.

මීට අමතරව අපරාධය සිදුවූ ස්ථානයේ තිබී හමු වූ හඳුනා නොගත් ඖෂධ වර්ග සහ මරණකරුගේ ගෙල බැඳි පටිය ද විධිමත් පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කටයුතු කරන බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

මෙම අබිරහස් මරණය පිළිබඳ විමර්ශනවලට අදාළව හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳගෙන් ද කොළඹ අපරාධ කොට්ඨාශය සාක්ෂි සටහන් කරගෙන තිබේ.

නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි - හෙට දිනය දක්වා වලංගු නිවේදනය මෙන්න

නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි - හෙට දිනය දක්වා වලංගු නිවේදනය මෙන්න

කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සිදුවූ අවස්ථාවේ ඔහු අරවින්ද ද සිල්වා මහතාගේ නිවසට අනුබද්ධිත කොටසක රැඳී සිටි බවට මීට පෙර වාර්තා පළ විය.

වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 14 වනදා දක්වා කල් තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.