ඝාතකයින් ෆවාස් ව හඹා ගිය හැටි - මාධ්‍යයට මුදා හැරී නවතම සීසීටීවී දර්ශන (CCTV VIDEO)

COLOMBO CRIME KESELWATHTHA FAWAZ OLD YORN ROAD
By Sewvandhi Dec 06, 2021 12:50 PM GMT
Sewvandhi

Sewvandhi

Report

"කෙසෙල්වත්තේ ෆවාස්" නමැති පුද්ගලයාව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමට අදාළ CCTV දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. කොළඹ ,කෙසෙල්වත්ත, පරණ යෝන් වීදියේ දී ඉකුත් 4වැනිදා "කෙසෙල්වත්තේ ෆවාස්" නමැති පුද්ගලයාව පිරිසක් විසින් කපාකොටා ඝාතනය කර තිබුණි.

සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔහුව තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇති අතර ඊට අදාළ CCTV දර්ශන අද එලෙස පොලීසිය විසින් නිකුත් කළේය. එහි දැක්වුණේ පිරිසක් "කෙසෙල්වත්තේ ෆවාස්" නැමැත්තාට එළවා එළවා තියුණු ආයුධවලින් පහරදෙන ආකාරයයි.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්කෝන් මහතාගේ උපදෙස් පරිදි කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කළේය. ඒ අනුව කෙසෙල්වත්ත ප්‍රදේශයේදී ඊයේ (05) රාත්‍රියේ පුද්ගලයන් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනුණි.

ඔවුන් කෙසෙල්වත්ත දිනුක නමැත්තාගේ ගෝලයන් පිරිසක් වන අතර අවුරුදු 23 හා 31 අතර වයස්වල පසුවන කෙසෙල්වත්ත ප්‍රදේශයේම පදිංචිකරුවන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් සැඟව සිටින තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර "කෙසෙල්වත්තේ ෆවාස්" නැමැත්තා සහ මොවුන් අතර පැවැති දිගු කාලීන ආරවුලක් මත එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය. ඝාතනය සඳහා යොදා ගත් කඩු 4ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW