දැරියක වරින්වර දූෂණය කළ පියා සහ සහෝදරයා සොයා විමර්ශන..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Sep 02, 2023 05:50 AM GMT
krishani

krishani

Report

වයස අවුරුදු 16ක දැරියක් වරින් වර දුෂණ කළ බව කියන ඇයගේ පියා සහ සහෝදරයෙකු සම්බන්ධයෙන් පුවතක් වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇත. 

ඒ වනාතවිල්ලුව පොලීසිය විසින් ය.

මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ එළුවන්කුලම, අයිලිය ගම්මානයේ පදිංචි ව සිටි දැරියක් බවයි සඳහන් වන්නේ.

එලෙස අතවරයට පත්ව ඇති දැරියගේ මව ඇය කුඩා කාලයේ දීම මිය ගොස් තිබෙනවා.

පසුව ඇය පියා සහ සහෝදරයා සමඟ ජීවත් වී ඇති අතර 2023 අප්‍රේල් මාසයේ සිංහල අලුත් අවුරුද්දට පෙර දිනයක දී පියා සහ සහෝදරයා තමන්ව දුෂණය කළ බව ඇය පවසා තිබෙනවා.

එමෙන්ම එදින සිට ඔවුන් දෙදෙනා වරින් වර තමාව දුෂණය කළ බව දැරිවිය පොලීසිය හමුවේ සඳහන් කර ඇත.

දැරිවියට අතවර කළ බව කියන පියා 53 වන වියේ පසුවන පුද්ගලයෙක් වන අතර සහෝදරයා 14 වන වියේ පසුවන බව වාර්තා වේ.

මේ අතර එම දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වනාතවිල්ලුව පොලීසිය විසින් සිදුකරනු ලබයි.

ReeCha