වැලිඔය වත්ත තවත් ඛේදවාචකයක් - තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කරයි
වටවල පොලිස් වසමේ වැලිඔය වත්ත ප්‍රදේශයේදී අද (17) අළුයම් කාලයේ තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ.
පොලිසිය සදහන් කළේ තුවාල ලැබූ කාන්තාව වටවල රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිටි බවයි.
මියගිය කාන්තාව අවුරුදු 28 ක් වූ වැලිඔය වත්ත, හැටන් ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මෙම ඝාතනය සිදුකළ පුද්ගලයින් හා ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
වටවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.