මාරක රිය අනතුරක් - පුද්ගලයෙක් මරුට

Police spokesman Accident Death Sinhala news
By Hashini Jun 16, 2025 04:26 AM GMT
Hashini

Hashini

Report

මිනුවන්ගොඩ - වේයන්ගොඩ මාර්ගයේ පමුණුව හන්දියේදී යතුරුපැදියක් සහ වෑන් රථයක් ගැටී සිදුවු අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (15) රාත්‍රීයේ දී මිනුවන්ගොඩ දෙස සිට වේයන්ගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත.

පුරපති සටනට සර්වජන බලයේ සහය විපක්ෂයට

පුරපති සටනට සර්වජන බලයේ සහය විපක්ෂයට

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකාරිය මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුපැදිකාරිය ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගොස් ඇත්තේ, අවුරුදු 53ක් වූ හෙන්ඩිමහර, උඩුගම්පල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

 

නාමල්, යෝෂිතට තද බර - අත්අඩංගුවට සූදානමක්..

නාමල්, යෝෂිතට තද බර - අත්අඩංගුවට සූදානමක්..

ReeCha