මාලිමාවේ තර්ජන නිසා පොලිස් නිලධාරියෙක් රස්සාවට තිත තියන්න සැරසෙයි

Sri Lanka Police National People's Power - NPP Sinhala news Breaking News NPP Government
By Kaushi Jun 16, 2025 10:10 AM GMT
Kaushi

Kaushi

Report

ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විරුද්ධව පොලිස් සැරයන්වරයෙක්ට පරුෂ වචනයෙන් බැණ වැද තර්ජනය කිරීම පිළිබඳව පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇති බවට වාර්තා වේ.

දෙයියනේ...290 බිලි අරන් ගුවන් යානය කඩා වැටිලා තියෙන්නේ හේතුව මෙන්න

දෙයියනේ...290 බිලි අරන් ගුවන් යානය කඩා වැටිලා තියෙන්නේ හේතුව මෙන්න

අඳාළ සිදුවීම කසිප්පු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගැනීම නිසා ඇති වූ බව සඳහන්.

ඒ අනුව අඳාළ මන්ත්‍රීවරයා විසින් වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ රාජකාරී දුරකථනයට ඇමතුමක් ගෙන තිබෙනවා.

එහිදී ඔහු විසින් “කවුද ඔය පොලිසියේ අජිත් කියන්නේ මිනිසුන්ට බොරුවට කසිප්පු නඩු දාලා, කනටත් ගහලා මේ සිද්ධිය ඕඅයිසී මහත්තයා ඔයා දන්නේ නැද්ද?” යනුවෙන් විමසා ඇති බව පවසයි.

එසේම එදින සවස හයට පමණ අජිත් නම් පොලිස් සැරයන්වරයා තමා හමුවට පැමිණ මන්ත්‍රීවරයා ඔහුටද ඇමතුමක් ගෙන පරුෂ වචනයෙන් බැණ වැද “උඹ දඟලන්න හදන්න එපා, උඹව මම වවුනියාවට යවනවා දැනගනින්” යනුවෙන් තර්ජනය කළ බව පවසා තිබෙනවා.

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

ඒ අනුව අඳාළ බැණ වැදීමේ හා තර්ජනය කිරීමේ සිද්ධිය පිළිබඳව වැලිපැන්න පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයාගෙන් සහ එම පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ද දැනටමත් සහකාර පොලිස් අධිකාරීවරයෙක් විසින් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

අඳාළ සිද්ධිය පිළිබඳව කළ විමර්ශනවලට අනුව මත්පැන් ජාවාරම්කරුගේ පෙර වැරදි ඇතුළත් තොරතුරු මතුගම සහ ඉත්තෑපාන පොලිසිවලින්ද කැඳවා ඇති බවට වාර්තා වේ.

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

එසේම මන්ත්‍රීවරයා පොලිස් සැරයන්වරයාට බැණ වැදී තර්ජනය කිරීමේ සිද්ධිය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමටද නියමිතව තිබෙන බව සඳහන්.

කෙසේ වෙතත් මෙම සිද්ධිය නිසා අදාළ පොලිස් සැරයන්වරයා විශ්‍රාම යාමේ ලිපිගොනු භාරදීමේ සූදානමක් ද ඇති බව වාර්තා වේ. 

මුන්ට අසහනේ වැඩි වෙලා...රුපියල් 5000 කට කරලා තියෙන යෝජනාව බලන්නකෝ...ඒකත් රස්සාවක් ඉල්ලන අතරෙ

මුන්ට අසහනේ වැඩි වෙලා...රුපියල් 5000 කට කරලා තියෙන යෝජනාව බලන්නකෝ...ඒකත් රස්සාවක් ඉල්ලන අතරෙ

ReeCha