IMF නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකාව සහ ජනපති අතර හමුවක්
By Hashini
මෙරට තුළ ඉදිරියේදී දේශපාලනීකරණය වූ සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ ද සහභාගීත්වයෙන් කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළා.
මෙහිදී මෙරටට පැමිණි සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කලමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර තිබෙනවා.
ඇය කියා සිටියේ ශ්‍රී ලංකාවට අවශ්‍ය අවසාන IMF වැඩසටහන මෙය වනු ඇති බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකය යළි යථා තත්ත්වයට ගෙන ඒමටත් රජයේ වත්මන් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි අඛණ්ඩ සහාය ලබා දෙන බවද ආචාර්ය ගීතා ගෝපිනාත් ඇතුළු නියෝජිත පිරිස එහිදු සහතික වූ බවයි වාර්තා වන්නේ.