හිඟන්නන්ටත් වැඩ වරදී

Report

පෑලියගොඩ පොලිසිය දුම්රිය ස්ථානය සහ ඒ අවට සිදු කළ වැටලීමකදී යාචකයන් එකොළොස් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ කැළණිය දුම්රිය ස්ථානය අපවිත්‍ර කරමින් දිවා රෑ දෙකේ අරක්ගෙන සිටි යාචකයන් පිරිසක් බව සඳහන්.

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

ඒ අනුව අත්අඩංගුවට ගත් යාචකයන් පිරිස කොළඹ අළුත්කඩේ අංක පහ අධිකරණයට ඉදිරිපත් කර ඇත.

එහිදී මෙම යාචකයන් පොදු ස්ථානයකදී මහජනයාට පීඩාවන ආකාරයට හැසිරෙන බව පවසා දිනපතා ප්‍රදේශයේ ජනතාව දුරකථන ඇමැතුම් මගින් පොලිසියට පැමිණිලි කරන බවත් පොලිසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබෙනවා.

අඳාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් එම පිරිස කැළණිය සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ද අනුදැනුම මත රිදීගම යාචක කඳවුරට යවා ඇති බව වාර්තා වේ.

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

ඒ අනුව මෙම නියෝගය පිළිබඳව ප්‍රදේශවාසීන් පෑලියගොඩ පොලිසියට සහ ගරු අධිකරණයට තම කෘතවේදීභාවය පළ කරයි.

ඒ දිනපතා විශාල ජනතාවක් කොළඹ ඇතුළු තදාසන්න නගර වෙත මෙන්ම කැළණි රජමහ විහාරස්ථානය වැඳ නමස්කාර කර ගැනීමටද පිවිසෙන හෙයින් කැළණි දුම්රිය ස්ථානය අපිරිසුදු කරමින් මත්ද්‍රව්‍ය භාවිත කරමින් එම පොදු ස්ථානය අපවිත්‍ර වන සේ කලහකාරී ලෙස හැසිරුණු යාචක උවදුරින් පූජා නගරයක පිහිටි දුම්රිය ස්ථානය ආරක්ෂා කර දීමට ගත් නීතිමය පියවර සම්බන්ධවයි. 

රිළවුත් කන්ෆියුස් වෙයි...වදෙන් බේරෙන්න බැරිම තැන රිළවුන්ට අක්කර 425 ක් ...

රිළවුත් කන්ෆියුස් වෙයි...වදෙන් බේරෙන්න බැරිම තැන රිළවුන්ට අක්කර 425 ක් ...