වනාතවිල්ලුවේදී අවාසනාවන්ත අනතුරක්- ට්‍රැක්ටරයක් ඇලකට පෙරළී තරුණ රියදුරෙක් ජීවිතක්ෂයට
වනාතවිල්ලුව මයිලන්කුලම ප්‍රදේශයේදී සී සෑමට ගොස් නැවත එමින් තිබු ට්‍රැක්ටරයක් ඇලකට පෙරළී එහි රියදුරා ට්‍රැක්ටරයටම යටවී මරණයට පත්ව ඇත.
මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ වනාතවිල්ලුව මයිලන්කුලම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි දෙදරු පියෙකි.
මේ පිළිබද මූලික පොලිස් පරික්ෂණවලදි තහවුරු වී ඇත්තේ අදාළ රියදුරු කොමිස් පදනම මත වෙනත් හිමිකරුවකුගේ ට්‍රැක්ටරයක සීසෑම සිදුකරන බවත්, කුඹුරක් සී සෑමේන් පසු නැවත පැමිණෙමින් සිටියදී අධික වේගයත් සමඟ ට්‍රක්ටරය පාලනය කර ගැනිමට නොහැකි වීමත් සමඟ කුඹුරු වෙත ජලය රැගෙන යන ඇල මාර්ගයකට පෙරළී එම ට්‍රැක්ටරයටම යටවී මෙලෙස මරණයට පත්ව ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත