නතර වූ රෝහල් ව්‍යාපෘති යළි ඇරඹේ - සෞඛ්‍ය ඇමතිගෙන් මහනුවර රදගුරුතුමාට විශේෂ දැනුම්දීමක්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, මහනුවර කතෝලික රදගුරු පදවියේ වත්මන් රදගුරු අතිඋතුම් වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් මහනුවර රදගුරු නිල නිවසේදී පසුගියදා බැහැ දැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත වී ආශිර්වාද ලබාගෙන ඇත.
මෙහිදී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් සහ ඉදිරි සංවර්ධන කටයුතු, ආර්ථික සහ සමාජීය තත්ත්වය, මෙන්ම අනාගත සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳවද අමාත්‍යවරයා සහ රදගුරුතුමා අතර දීර්ඝ අදහස් හුවමාරුවක් සිදුවී තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන ජනතාවාදී අනාගත සෞඛ්‍ය වැඩපිළිවෙළ පිළිබඳවද, පවතින සෞඛ්‍ය සේවාවේ ගැටළු අවම කරමින් කාර්යක්ෂම හා විධිමත් සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීම සඳහා ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳවද අමාත්‍යවරයා විසින් රදගුරුතුමා දැනුවත් කර ඇත.
එමෙන්ම මහනුවර ජාතික රෝහල සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිදුකරන ලද සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවද, අතරමග නවතා දමා තිබූ ව්‍යාපෘති රජයේ මුදල් වෙන්කර නැවත ආරම්භ කිරීමට ගෙන ඇති පියවර පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.
ඊට අමතරව වත්මන් රජයේ නව්‍ය සංකල්පයක් ලෙස දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” ව්‍යාපෘතිය පිළිබඳවද අමාත්‍යවරයා විසින් රදගුරුතුමා දැනුවත් කර තිබේ.
ජනතාවට අවශ්‍ය සහන සලසමින් රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ මෙහිදී අගය කළ අතිඋතුම් වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්, අමාත්‍යවරයා ඇතුළු පිරිසට ආශිර්වාද කර සෙත්පත ප්‍රාර්ථනා කර ඇත. මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වී තිබේ.