තරගය ඉවර වුණත් ගින්දර ඉතිරි වෙයි - ඉන්දු ලංකා ක්‍රීඩකයින් පිටියේදී ගහගන්න යයි.. දික්වැල්ල මැදට පනී

Report

දඹුල්ලේ පැවති ශ්‍රී ලංකා ඉන්දියා එ කණ්ඩායම් අතර 15 ඊයේ දින පැවති එක්දින තරගය ඉතාමත් තියුණු සටනකින් සුපර් ඕවරයේදි ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියානු එ කණ්ඩායම සියල්ල දැවී ලකුණු 265 කට සීමාවිය.

ලකුණු 266ක පිළිතුරු ඉනිම හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රිඩකයෝ පන්දුවාර 50 අවසනයේ කඩුලු 9කට ලකුණු 265ක් ලබා ගැනිම හේතුවෙන් සුපර් ඕවරය දක්වා තරගය දියත් කිරිමට සිදුවිය.

සුපර් ඕවරයේදි පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා එ කණ්ඩායම ලකුණු 16ක් ලබා ගත් අතර ඉන්දියා එ කණ්ඩායමට ලකුණු 9 කට සීමා කරමින් තරගය ජය ගැනිමට සමත් විය.

වේග පන්දු යවන 19 හැවිරිදි කුගතස් මාතුලන් සුපර් ඕවරයේදි යෝකර් පන්දු යවමින් ඉන්දිය පිතිකරුවන් වන සුරියන්ශ් ෂෙඩ්ගේ සහ වෛභව් සූර්යවංශි යන දෙදෙනාව හොදින් පාලනය කරමින් ලකුණු සිමා කිරිමට සමත් විය.

සුපර් ඕවරය අවසානයේදි තරගය අවසන් වීමෙන් පසු, ඉන්දියානු සහ ශ්‍රී ලංකා කණ්ඩායම් එකිනෙකා පසුකර යන අවස්ථාවේදී වචන හුවමාරුවක් සිදුවන අකාරය දක්නට ලැබුණු අතර පසුව සූර්යවංශි ශ්‍රී ලංකා ක්‍රිඩක‍යෙකු තල්ලු කරන අකාරය දිස් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක නිරෝෂන් දික්වැල්ල මැදිහත්වී තත්වය සමනය කරන අකාරය දිස්විය.

ඉන් පසුව ද ඔහු ක්‍රීඩාංගණයෙන් පිටව යන අතරතුර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමඟ වාචන හුවමාරුවක් ඇතිවන අකාරය දක්නට ලැබුණහ.

මෙම තත්ත්වයට පෙරද තරගයේ අවසන් සුපර් ඕවර පන්දුවේ no-ball තීරණයක් සම්බන්ධයෙන් ඉන්දියා එ නායක තිලක් වර්මා අසතුට පළ කර ඇති අතර, සූර්යවංශි ද ඒ සම්බන්ධයෙන් විනිසුරුවරයා සමඟ සංවාදයක් ඇතිවිය. සුපර් ඕවරය ක්‍රියාත්මක පෙර අයහපත් අලෝක තත්වය සම්බන්ධවද මතභේදී තත්වයක් ඇතිවිම නිසා තරගය විනාඩි 10ක පමණ කාල‍යක් ප්‍රමාද වී ඇත.