පවිත්‍රාට වේගවත් සුවයක් - බිව්වේ ධමිමික දුන්න බෙහෙත් හැන්ද පමණයි

Pavithra
By Thaya Jan 31, 2021 06:04 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් 19 ආසාදනය වීමෙන් අනතුරුව ජාතික බෝවන රෝග රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කළ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තවම ප්‍රතිකාර ලබමින් පසුවන අතර ඇයට පවත්නා හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් ඔක්සිජන් ලබා දුන්නද ඇයගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව අමාත්‍යවරියගේ සැමියා වන කාංචන ජයරත්න මහතා ඩේලි මිරර් පුවත්පතට පවසා තිබෙයි. ජයරත්න මහතා පවසන පරිදි, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොතලාවල ආරක්ෂක පීඨ රෝහලේ කොවිඩ් 19 සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදීද හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී තිබුණි.සෞඛ්‍ය අමාත්‍යවරිය දැඩි උණ සහ සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙන බැවින් වෛද්‍යවරු උපදෙස් දීම නිසා ඇයව IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර තිබුණි