මිරිස් අතුල්ලා ගස් බැද දරුවන්ට වද දුන් සහාසික පියාට අවසානයේ අත්වූ ඉරණම
තම 6 හැවිරිදි පුතා සහ 7 හැවිරිදි දියණිය නිරුවත් කර ගසක බැඳ ඇඟේ මිරිස් තවරා අමානුෂික ලෙස වද හිංසා පැමිණ වූ සැකකාර පියෙකු හැටන් පොලිසිය මගින් (ජන. 2) දින රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ, වද හිංසාවට ලක් වු ළමුන් දරුවන් දෙදෙනා වෛද්‍ය පරික්ෂණයක් සදහා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව ය.
හැටන්, කුඩාගම සමගි මාවතේ පදිංචි සැකකරු හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ කම්කරුවෙකු ලෙස සේවය කරන අතර සැකකරු මත්පැන් පානයට ඇබ්බැහි වූ අයෙකු බව ත් බීමත්ව නිවසට පැමිණ බිරිඳට සහ දරුවන් සිව් දෙනාට මෙලෙස කෲර ලෙස වද හිංස පමුණවන බව ත් ප්‍රදේශවාසීන් හැටන් පොලිසිය වෙත ප්‍රකාශ කර ඇත.
වද හිංසාවට ලක් වූ දරුවන් දෙදෙනාව සැකකාර පියා ඊයේ නිවස අසල පිහිටි වෙළෙඳසලකට යවා තිබේ.
එහිදී දරුවන් දෙදෙනා පියා විසින් මිල දී ගෙන ඒමට පැවසූ දේට අමතරව නිවසට දර මිටියක් රැගෙන ඒම සම්බන්ධයෙන් උරණ වී දරුවන් දෙදෙනාට මෙසේ අමානුෂික ලෙස වද හිංසා පමුණවා ඇති බව අප වාර්තාකරු පැවසීය.
අදාළ දරුවන් දෙදෙනා ප්‍රදේශවාසීන් විසින් මුදා ගෙන ඒ සම්බන්ධයෙන් හැටන් පොලිසියට දැනුම් දීමෙන් පසු හැටන් පොලිසියේ නිලධාරීන් මගින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇත.
දරුවන් අවුරුදු 4, 6, 7, සහ 8 වයස් කාණ්ඩවල පසුවන එම පවුල දැඩි ආර්ථික අපහසුතා මැද්දේ ජීවත් වන බව ත් ඔවුන් පදිංචි නිවස ද අඩු පහසුකම්වලින් සමන්විත බව ත් ප්‍රදේශවාසීහු පැවසූහ.
අත්අඩංගුවට ගත් සැකකරු අද දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දරුවන් සම්බන්ධයෙන් අධිකරණයෙන් ලැබෙන නියෝගය පරිදි ඉදිරි පියවර ගැනිමට කටයුතු කරන බව හැටන් පොලිසිය පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |