තම ලෙයින් ඉපදුණු බාලවයස්කාර දියණිය මවක් කළ පාපතර පියා..

Nuwara Eliya G.G.Pradeep Ranasinghe Despord Ramaiya Rasaiya Abhisheka Shehari
By Sewvandhi Nov 02, 2021 09:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බාල වයස්කාර පාසල් සිසුවියක් ගැබ් ගැනීම සම්බන්ධයෙන් එම දැරියගේ පියාව නුවරඑළිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහෙස්ත්‍රාත් ජී.ජී. ප්‍රදීප් ජයසිංහ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර පියා ලබන මස 12දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නුවරඑළිය ඩෙස්පොඩ් ප්‍රදේශයේ පදිංචි රමයියා රාසයියා නමැති 39 හැවිරිදි තිදරු පියෙක්. අවු. 15 මාස 07ක් වයසැති තම බාල දියණියගේ ශරීරයේ ඇති වූ වෙනස්කම් සම්බන්ධයෙන් සිය මව විසින් තම දියණිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇති අතර,

එම පරීක්ෂණ වාර්තා අනුව ඇය ගැබ්ගෙන ඇති බවට තහවුරු වීමත් සමඟ, ඒ පිළිබඳව දියණියගෙන් විමසා මව විසින් නුවරඑළිය පොලිසියේ කාන්තා කාර්යාංශයට කළ පැමිණිල්ලක් මත සැකකාර පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විජේසේකරගේ උපදෙස් පරිදි නුවරඑළිය පොලිසියේ කාන්තා සහ ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උ.පො.ප. අභිෂේකා ෂෙහාරි විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවත් සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now