කොස්තාපල්වරයාගේ පිස්තෝලයට මොකද උනේ..

Police spokesman Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Piyumika Jun 02, 2024 05:08 AM GMT
Piyumika

Piyumika

Report

රාජකාරී සඳහා ලබා දී තිබූ පිස්තෝලය පොලිසියේ ඉදිරිපිට පිහිටා ඇති බුදු මැදුර තුළ සඟවා පසුව එම අවිය අස්ථානගත වූ බවට පැමිණිලි කළ පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිඔය පොලිසිය වාර්තා කරයි.

අලුයම 2ට පමණ එකම පවුලේ 3කට දිවි අහිමි කළ අවාසනාවන්ත ඛේදවාචකය.

අලුයම 2ට පමණ එකම පවුලේ 3කට දිවි අහිමි කළ අවාසනාවන්ත ඛේදවාචකය.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හෙළිවූ තොරතුරු මත ඔහු විසින්ම බුදු මැදුරේ සඟවා තබන ලද එම පිස්තෝල අවියද සොයාගෙන ඇත.

අදාළ පොලිස් කොස්තාපල්වරයා පසුගිය තිස්එක් වෙනිදා වැලිඔය පොලිස් ස්ථානයේ දිවා කාලයේ උප සේවයේ යොදවා සිටි රාජකාරී සඳහා නිකුත් කර තිබූ පිස්තෝලය අස්ථානගත වී ඇති බවට පොලිස් ස්ථානාධිපතිවරයාට පැමිණිලි කර තිබිණි.

සේදවත්තේ කසුන්ගේ සමීපතමයන් දෙදෙනෙකු අත්තඩංගුවට..

සේදවත්තේ කසුන්ගේ සමීපතමයන් දෙදෙනෙකු අත්තඩංගුවට..

පොලිස් ස්ථානාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඔහු විසින්ම සඟවා තිබූ එම අවිය සොයා ගැනීමට හැකි වී තිබේ.

මේ අනුව සැකකාර කොස්තාපල්වරයා මෙම පිස්තෝලය පිටස්තර අයෙකුට විකිණීම සඳහා රැගෙන යනතුරු බුදු මැදුරේ සඟවා තබන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි.

දිස්ත්‍රික්ක 10ක ප්‍රදේශ 53කට දැඩි ලෙස අනතුරු අඟවයි. - එම ප්‍රදේශ මෙන්න.

දිස්ත්‍රික්ක 10ක ප්‍රදේශ 53කට දැඩි ලෙස අනතුරු අඟවයි. - එම ප්‍රදේශ මෙන්න.

මෙම කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට විනය පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

ReeCha