ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සනත් අබේසේකර විදිහට කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූවට දුන්නු නියෝගය
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සනත් අබේසේකර මහතාගේ නම අවභාවිතා කරමින් කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
ඒ අනුව සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අද (12) කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබෙනවා.
අඳාළ සැකකරු සනත් අබේසේකර මහතා ලෙස ව්‍යජ Facebook ගිණුමක් නිර්මාණය කර ඒ ඔස්සේ චිත්‍රපටවල රඟපෑමට අවස්ථාව ලබාදෙන බව පවසමින් විත්‍රපට නිළියන්ට කතා කර මුදල් සහ ලිංගික අල්ලස් ඉල්ලා ඇති බව වාර්තා වුණා.
මේ පිළිබඳව සනත් අබේසේකර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් සිදු කර තිබුණා.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු මෙසේ එළඹෙන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.