ලංගම හොල්මන් කළ හොර ලෙඩ නිවාඩු අතේ මාට්ටු - බස් 30ක් ධාවනයෙන් නවතී

Report

වෛද්‍යවරයෙකුගේ නිල මුද්‍රාව සහ අත්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් අසනීප නිවාඩු ලබාගැනීම සඳහා ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කළ බවට සැක කෙරෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) මහනුවර ප්‍රාදේශීය බලප්‍රදේශයට අයත් ඩිපෝ කිහිපයක සේවකයින් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම වංචාව අනාවරණය වී ඇත්තේ තෙල්දෙණිය ඩිපෝ කළමනාකාරවරයා විසින් සේවකයින් ඉදිරිපත් කළ වෛද්‍ය සහතික සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත ඒවායේ සත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂවරිය වෙත විමසීමක් යොමු කිරීමෙන් අනතුරුවය.

සොයාබැලීම්වලදී හෙළිවී ඇත්තේ අදාළ සහතිකවල සඳහන් විශේෂඥ වෛද්‍යවරයා මහනුවර ජාතික රෝහලේ සේවය කළද, එහි ඇති අත්සන සහ නිල මුද්‍රාව ඔහුගේ නොවන බවයි. ඒ පිළිබඳව රෝහල් අධ්‍යක්ෂවරිය ඩිපෝ කළමනාකාරවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

ඉන්ධන පිරවුම්හල් 7000ක් වසා දැමීමට තීරණයක් - ඉන්ධන අලෙවිය අත්හිටුවයි - කාන්තා සේවිකාව බිමට තල්ලු කර ඇඟට මුත්‍රා කරාට විරෝධයක්

ඉන්ධන පිරවුම්හල් 7000ක් වසා දැමීමට තීරණයක් - ඉන්ධන අලෙවිය අත්හිටුවයි - කාන්තා සේවිකාව බිමට තල්ලු කර ඇඟට මුත්‍රා කරාට විරෝධයක්

තවද, මහනුවර ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කරන බවට පෙන්වා දෙමින් වෛද්‍ය නිලධාරීන් දෙදෙනෙකුගේ නමින් නිකුත් කළ වෛද්‍ය සහතික ද පරීක්ෂාවට ලක්ව ඇති අතර, එම නම්වලින් කිසිදු වෛද්‍යවරයෙකු රෝහලේ සේවය නොකරන බව තහවුරු වී ඇත.

තෙල්දෙණිය ඩිපෝවට අමතරව මහනුවර දකුණ ඩිපෝව ඇතුළු තවත් ඩිපෝ කිහිපයකින් ද මෙවැනි ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත නිල පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.

රියදුරු සහ කොන්දොස්තර හිඟය හේතුවෙන් විශේෂ අවසරයකින් තොරව නිවාඩු ලබා නොදීමට ලංගම කළමනාකාරීත්වය මීට පෙර තීරණය කර තිබූ අතර, ව්‍යාජ වෛද්‍ය සහතික භාවිත කර අසනීප නිවාඩු ලබාගැනීම හේතුවෙන් මහනුවර ප්‍රාදේශිකයේ ඩිපෝ හතකට අයත් බස් රථ 25ත් 30ත් අතර සංඛ්‍යාවක් දෛනිකව ධාවනයෙන් ඉවත් කිරීමට සිදුව ඇති බව මහනුවර ප්‍රාදේශීය කළමනාකාර ප්‍රසන්න දෙල්අංග මහතා සඳහන් කළේය.

අද දවසේ ග්‍රහ මාරුවෙන් ලග්න කිහිපයකට හදිසි අනතුරු ඇඟවීම්

අද දවසේ ග්‍රහ මාරුවෙන් ලග්න කිහිපයකට හදිසි අනතුරු ඇඟවීම්

බොලිවුඩය කැළඹූ ආදර කතාවේ අවසානය - සුපිරි නළු ආමීර් ඛාන් වයස 61 දී ගන්න යන හදිසි තීරණය මෙන්න

බොලිවුඩය කැළඹූ ආදර කතාවේ අවසානය - සුපිරි නළු ආමීර් ඛාන් වයස 61 දී ගන්න යන හදිසි තීරණය මෙන්න