‘බොරු විවාහ’ මිනිස් ජාවාරමක් පිළිබඳ භයානක අනාවරණයක්
නේපාලයේ මිනිස් ජාවාරම් සඳහා නව මාර්ගයක් බවට ව්‍යාජ හා බලහත්කාර විවාහ පත්වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විශේෂයෙන් චීන පුරවැසියන් සමඟ සිදුවන මෙම ව්‍යාජ විවාහ මගින් නේපාල කාන්තාවන් චීනයට ජාවාරම් කරමින් ඔවුන් අපයෝජනයට ලක් කරන බව අනාවරණය වී තිබේ.
පසුගිය වසර කිහිපය තුළ නේපාල පොලිසිය මිනිස් ජාවාරම් සිද්ධීන් බොහෝමයක් වාර්තා කර ඇති අතර, ඒ අතරින් කැපී පෙනෙන එකක් චීනයට මනාලියන් ජාවාරම් කිරීමයි. මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ නිශ්චිත සංඛ්‍යාලේඛන නොමැති වුවද, මෙම ව්‍යාජ විවාහ ඉතා වේගයෙන් ඉහළ යමින් ඇති බවයි.

මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වන්නේ චීනයේ දීර්ඝකාලීන 'එක් දරු ප්‍රතිපත්තිය' නිසා ඇති වූ ලිංගික අසමතුලිතතාවයි. එමඟින් චීන පිරිමින් විදෙස් කාන්තාවන් මනාලියන් ලෙස සොයා ගැනීමට බ්රෝකර්ස්ලා භාවිතා කරයි.
නේපාල පොලිසියේ මිනිස් ජාවාරම් විරෝධී කාර්යාංශය මනාලියන් ජාවාරම් සම්බන්ධයෙන් චීන ජාතිකයින් ඇතුළු බොහෝ දෙනෙකුට චෝදනා එල්ල කර ඇත. මෑතකදී කත්මණ්ඩුවේදී චීන ජාතිකයින් හතරක් නීතිවිරෝධී විවාහ කාර්යාංශයක් පවත්වාගෙන ගිය බවට අත්අඩංගුවට ගෙන තිබේ.
චීනයට ගෙන යන ලද කාන්තාවන් එහිදී ශාරීරික හා ලිංගික ප්‍රචණ්ඩත්වයට, මානසික අපයෝජනයට, බලහත්කාර ශ්රමයට, ගමන් බලපත්‍ර රාජසන්තක කිරීමට හා රැඳවුම්කරණයට මුහුණ දෙයි. සමහරු ගණිකා වෘත්තියටද බල කෙරෙන බව වාර්තා වේ.
බීජිංහි නේපාල තානාපති කාර්යාලයේ සහායෙන් පීඩාවට ලක්වූ නේපාල කාන්තාවන් බේරාගෙන ඇති අතර, එවැනි සිදුවීම් බොහෝමයක් වාර්තා වී තිබේ.
නේපාල මානව හිමිකම් කොමිෂන් සභාවේ ඇස්තමේන්තු අනුව, නේපාල ජාතිකයින් මිලියන 1.7ක් පමණ ජාවාරම් අවදානමට ලක්ව සිටිති. දුගීකම, පවුල් හුදකලාව, ප්රචණ්ඩත්වය හා අඩු සමාජ සහාය ඇති කාන්තාවන් වැඩි අවදානමකට ලක්වෙති.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 2025 මිනිස් ජාවාරම් වාර්තාවේ දැක්වෙන්නේ නේපාලය ප්‍රමාණවත් ප්‍රගතියක් නොලබා පිට පිට දෙවැනි වසරටත් "Tier 2 Watch List" හි රැඳී සිටින බවයි. ව්‍යාජ විවාහ නීතිමය අඩුපාඩු මගින් මිනිස් ජාවාරම් මාර්ගයක් බවට පත්වෙමින් තිබෙන බව වාර්තා පෙන්වා දෙයි.