Facebook භාවිතා කරන පිරිසක් ගැන භයානක හෙළිදරව්වක්..
Facebook සහ ඊට අනුබද්ධ සේවා මගින් ළමුන්ට දැඩි බලපෑම් එල්ලවන බව අමෙරිකානු කොංග්‍රසය ඉදිරියේ පැවති සාක්ෂි විමසීමකදී අනාවරණ වී තිඛෙනවා.
Facebook හිටපු නිෂ්පාදන කළමණාකාරිනියක වන 37 හැවිරිදි ෆ්‍රැන්සිස් හෝගන් මෙම තොරතුරු හෙළි කර තිබෙනවා.
ඇය විසින් නගා ඇති චෝදනා වලට Facebook ආයතනය විසින් මේ දක්වා ප්‍රතික්ෂේප කර නැහැ.
එමෙන්ම Facebook ඔස්සේ ජාතීන් අතර බෙදීම් ඇතිකරන දුර්වල ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ අනුගමනය කරන බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ.
කොංග්‍රසය ඉදිරියේ මෙලෙස සාක්ෂි දුන් Facebook හිටපු නිෂ්පාදන කළමණාකාරිනිය විසින් රහසිගත ලේඛණ රැසක්ද පසුගියදා අනාවරණය කළා.
දැනට කෝටි 270 කට ආසන්න සක්‍රීය පරිශීලකයන් පිරිසක් සිටින Facebook සේවාවන් නියාමනයකට ලක්විය යුතු බවට කලක පටන් විවිධ අදහස් පළවෙමින් පවතිනවා.
විශේෂයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය වීම වැළැක්වීමට සහ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමට ඔවුන් ගෙන ඇති පියවර ප්‍රමාණවත් නොවන බවටයි චෝදනා එල්ල වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |