Facebook එකෙන් මෙරට ආයතන තුනක් වාරණය වේ..විස්තර සියල්ල මෙන්න..

By Sewvandhi Dec 16, 2021 10:53 AM GMT
Sewvandhi

Sewvandhi

Report

facebook සමාජ මාධ්‍ය ජාලාවේ සිදු කරන නව යාවත්කාලීන කිරීම් සහ ඊට අදාළ රෙගුලාසි යටතේ ලෝ පුරා විවිධ සංවිධාන ගණනාවක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රචාරය කිරීම හෝ ඒ හරහා ප්‍රචාරණයක් ලබා ගැනීම වාරණය කර තිබෙනවා.

මෙම ලැයිස්තුව වාර්ෂිකව යාවත්කාලීන කෙරෙන අතර මෙවර යාවත්කාලීන කිරීමේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සංවිධාන තුනකටත් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ වාරණය පැන වී තිබෙනවා.

මේ යටතේ නැවත වතාවක් එල්.ටී.ටී.ඊ සංවිධානයට ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ කිසිදු ප්‍රචාරණයක් ලබාදීම වාරණය කර ඇති අතර එය වසර ගණනාවක සිට ක්‍රියාත්මක වන්නක්. එමෙන්ම එම සංවිධානය මෙම වර්ගීකරණය යටතේ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙසටයි නම්කර ඇත්තේ.

මීට අමතරව මෙරට ක්‍රියාත්මක වන ආගම්වාදී සංවිධානයක් වන බොදු බල සේනා සංවිධානය සහ එහි කැඳවුම්කරු වන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ද කිසිදු සටහනක් තවදුරටත් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ තැබිය නොහැකියි.

එමෙන්ම තවත් දේශීය ජාතික ව්‍යාපාරයක් වන සිංහලේ ජාතික බලමුළුව සංවිධානයටත් තවදුරටත් ෆේස්බුක් මාධ්‍ය ජාලයේ වාරණය පැනවී තිබෙනවා. මෙම සංවිධාන දෙකම ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය වර්ගීකරණයට ලක් කර ඇත්තේ වෛරී ප්‍රකාශ නිකුත් කරන සහ සමාජයේ විවිධ ජනවර්ගයන් අතර වෛරය පැතිරවීමට ක්‍රියාකරන කරන සංවිධාන ලෙසටයි.

මේ අතර බොදු බල සේනා සංවිධානයේ කැඳවුම්කරු වන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පසුගියදා එක රටක් එක නීතියක් ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙසටද ජනාධිපතිවරයා විසින් පත් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now