Facebook තහනම දීර්ඝ කෙරේ... ජනතාව විකල්ප යෙදුම්වලට මාරු වෙයි
ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව බිඳ හෙළා බලය අල්ලා ගත් මියන්මාරයේ හමුදා පාලකයින් එරට තුළ Facebook සමාජ මාධ්‍යට ප්‍රවේශවීම තවදුරටත් අවහිර කර තිබෙනවා. ඒ, Facebook සාමජ මාධ්‍ය පසුගිය සඳුදා සිදුවූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිවීමේ වීමේ ප්‍රධාන මාධ්‍ය බවට පත්ව ඇති පසුබිමකදීයී. කෙසේ වෙත්ත හමුදාව පවසා අත්තේ, රටේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා මෙම පියවර ගත් බවයි.
එරට සන්නිවේදන සහ තොරතුරු අමත්‍යංශය පවසන්නේ, පසුගිය 7 වනදා දක්වා මියන්මාරය තුළ Facebook ක්‍රියාකාරීත්වය අවහිර කළ බවයි. නමුත් එය තවදුරටත් Facebook ක්‍රියාකාරීත්වය අවහිර කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ. මියන්මාරයේ බොහෝ දෙනෙකු තොරතුරු සම්පාදනය කරගන්නා ප්‍රමුඛ මාර්ගය වන්නේ, සාමජ මාධ්‍යයි. මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, Facebook අත්හිටුවීමත් සමග ජනතාව විකල්ප යෙදවුම් බාගත කිරීමට ක්‍රියා කරමින් සිටින බවයි.