ෆේස්බුක් භාවිතා කරන සියලු දෙනාට දැනුම්දීමක්..මේ ගැන දැඩි

Facebook
By Aruna Aug 26, 2024 12:58 AM GMT
Aruna

Aruna

Report

ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදු කරන මත විමසුම් සමීක්ෂණ නතර කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අවධානය යොමුකර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව, මේ සම්බන්ධව මේ සතියේ පැවැත්වෙන මැතිවරණ කොමිෂන් සභාවේදී සාකච්ඡා කිරීමට කටයුතු යොදා ඇතැයි එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේ ය.

අද ඔබට හදිසි ධන ලාභ ලැබෙන සුපිරි ග්‍රහයෝගයක්..විශේෂයෙන් මේ ලග්නවලට..

අද ඔබට හදිසි ධන ලාභ ලැබෙන සුපිරි ග්‍රහයෝගයක්..විශේෂයෙන් මේ ලග්නවලට..


මෙම සමීක්ෂණ හේතුවෙන් ඇතැම් අපේක්ෂකයන්ට අගතියක් සිදුවන බවද සභාපතිවරයා කියා සිටියා.

මෙම මත විමසුම් සිදුකරන්නන් කවුදැයි හඳුනා ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ දිනවල අධ්‍යයනයක්ද සිදු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

සභාපතිවරයා පැවසුවේ, එම අධ්‍යයනයේ තොරතුරුද ලබාගෙන මෙම මත විමසුම් නතර කළ යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් කොමිෂන් සභාවේදී සාකච්ඡා කරන බවයි.

ලිංගික නිර්ණායන් වෙනස් වෙයි..මිනිසා වඳවී යාමේ අවදානමක්

ලිංගික නිර්ණායන් වෙනස් වෙයි..මිනිසා වඳවී යාමේ අවදානමක්


විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ මෙවැනි මත විමසුම් සිදු කරන්නේ නම් ඒවා නතර කිරීම පහසු වූවද, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුකරන මත විමසුම් නතර කිරීම පහසු කටයුත්තක් නොවූවත්, ඒ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රමවේදයක අවශ්‍යතාව පවතින බවයි ඔහු වැඩිදුරටත් කියා සිට්යේ.