දිස්ත්‍රික්ක 12කට කාලගුණයෙන් දැඩි අනතුරු ඇඟවීම් - මේ අය අවධානයෙන් සිටින්න

Weather
By Thaya Mar 07, 2021 08:56 PM GMT
Report

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයෙන් පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමුව, දකුණු, වයඹ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවද දැනුම්දෙයි. අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කරයි.


Gallery