එක්ස්ප්‍රස් පර්ල්හි ගමන් පතය සොයා ගැනීමට බාධාවක්

express pearl VDR route ajith roahana data recorder
By Sewvandhi Jun 15, 2021 02:46 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මුහුදු ගමන් පිළිබඳ දත්ත ඇතුළත් රෙකෝඩරය (VDR) සතු දත්ත තවදුරටත් විශ්ලේෂණය කිරීමට එම උපාංගය නිෂ්පාදනය කළ මව් සමාගමේ සහයෝගය ලබාගැනීමට අවශ්‍ය බව රජයේ රසපරීක්ෂකවරයා දැනුම් දී තිබේ.

ඒ අනුව ඊට අදාළ සන්නිවේදන කටයුතු සිදුවෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය ඒජන්ත සමාගමේ නියෝජිතයන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

එම නෞකාවේ තිබූ නාවික ගමනාගමනයේදී සිදුවන සන්නිවේදන සබඳතා පටිගත කෙරෙන වොයිස් ඩේටා රෙකෝඩර් හෙවත් VDR පණිවුඩ හුවමාරු දත්ත පටිගත කිරීමේ පද්ධතිය පසුගිය 05 වනදා නාවික හමුදාවේ ද සහාය ඇතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබුණි.

පසුව එහි දත්ත විශ්ලේශනය සඳහා රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමු කෙරුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now