ඊශ්‍රායලයේ සිටින විදේශිකයින්ට වීසා ගැන විශේෂ දැනුම්දීමක්

Report

ඊශ්‍රායලයේ රැදී සිටින විදේශිකයින්ගේ කල් ඉකුත් වූ වීසා බලපත්‍රවල වලංගු කාලය මාස තුනකින් දීර්ඝ කිරීමට එරට ආගමන හා විගමන බලධාරීන් පියවර ගෙන ඇත.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන පරිදි, රැකියා, සංචාරක, ස්වෙච්ඡා සේවා, කෘෂිකාර්මික අභ්‍යාසලාභීන් හැරුණු විට, ශිෂ්‍ය, පූජක, ආගමික, සහ තාවකාලික නේවාසික වීසා කාණ්ඩ යටතේ රැදී සිටින පුද්ගලයින්ගේ කල් ඉකුත් වූ වීසා මෙලෙස යළි සක්‍රීය කර තිබේ.

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

තවද, පවතින යුද ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් හතර දෙනාගෙන් දෙදෙනෙකු තවමත් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත්, ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ දිනපතා සොයා බලන බවත් තානාපතිවරයා සඳහන් කළේය. මීට අමතරව, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සති අන්ත නිවාඡු ඇතුළුව සෑම දිනකම ක්‍රියාත්මක වන බව ද ඔහු ප්‍රකාශ කළා.

ඊශ්‍රායලයේ අයන් ඩෝමය බිදවැටේ. ලෝක බලවතුන් එක් පිළකට ඉරානයේ සහයට රුසියාවත් චීනයත් යුධ පිටියට

ඊශ්‍රායලයේ අයන් ඩෝමය බිදවැටේ. ලෝක බලවතුන් එක් පිළකට ඉරානයේ සහයට රුසියාවත් චීනයත් යුධ පිටියට

මේ අතර, ඉරානය විසින් ඊශ්‍රායලයේ නාගරික ප්‍රදේශ ඉලක්ක කරමින් හයවැනි දිනටත් බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළ බවත්, එම මිසයිල සියල්ල ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් විනාශ කරන ලද බවත් තානාපති නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

ඉරාන ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්

ඉරාන ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්