දරුවන්ට ගෙනා ත්‍රිපෝෂ තොගයක් සායනික ගොඩනැගිල්ලකින් හමුවෙයි...කල් පනින්න ආසන්නයේ.
ගාල්ලේ දරුවන්ට බෙදා දීමට ගෙන ආ ත්‍රිපෝෂ තොගයක් බෙදාදීමට නොහැකිව ගාල්ල නගර සභාවට අයත් දංගෙදර, සමගිවත්තේ පිහිටි සායනික ගොඩනැගිල්ලේ මාස ගණනක් තිස්සේ ගොඩගසා තිබේ.
මෙම ත්‍රිපෝෂ තොගය ලබන ජූලි මස 14 වැනි දා කල් ඉකුත්වීමට නියමිතව ඇතැයි දැනගන්නට ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
ත්‍රීපෝෂ පැකට් පැකට් 5760ක් පමණ එම ස්ථානයේ ගොඩගසා තිබෙන බව නගර සභාවේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි. මෙම ත්‍රිපෝෂ පැකට් පසුගිය පෙබරවාරි මාසයේ දී ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලැබී තිබිණි.
එහෙත් මාස 04ක් ඉක්ම යන තුරු එම ත්‍රිපෝෂ පැකට් බෙදා දී නැත.
නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරීන් පවසන්නේ නගර සභාවේ ප්‍රධානීන්ගේ බල අරගලය හේතුවෙන් මෙම ත්‍රිපෝෂ පැකට් බෙදා හැරීම සිදුකළ නොහැකි වූ බවයි.
මේ ත්‍රිපෝෂ පැකට් බෙදා හැරීම සඳහා නිසි වැඩපිළිවෙලක් නොමැති බැවින් ඒවා කල් ඉකුත්වී ඉවත දැමීමට සිදුවනු ඇතැයි ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවකයෙක් කියා සිටියේය.
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |