වසර 17 පසු තාරික් රහ්මාන් යළිත් බංග්ලාදේශයට

Report

වසර 17කට පසු රටින් පිටුවහල් කර සිටි බංග්ලාදේශ විපක්ෂ නායක තාරික් රහ්මාන් යළි සිය රටට පැමිණ තිබේ.

ඔහු ඊළග මැතිවරණයෙන් එරට අගමැති ධුරයට පත්වනු ඇති බවටයි මත පළ කරනු ලබයි.

ඔහු බංග්ලාදේශ ජාතික වාදී පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ද වේ.

තාරික් රහ්මාන් බංග්ලාදේශය දිගු කලක් පාලනය කළ හිටපු අගමැතිනි කලිඩා සියාගේ පුත්‍රයායි.

2008 දී බංග්ලාදේශයෙන් පලා ගොස් ලන්ඩනයේ ජීවත් වු රහ්මාන් 60 හැවිරිදි වියේ පසුවන බව වෙයි.

තවද ඔහු පෙබරවාරි මාසයේ පැවැත්වෙන එරට මැතිවරණයේ දී අගමැති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට නියමිතව ඇත.

ඔහු වෙනුවෙ ඩකා ගුවන් තොටුපලෙන් රටට පැමිණෙන ස්ථානයේ සිට ලක්ෂ සංඛ්‍යාත ආධාරකරුවන් පක්ෂ කොඩි ලෙලවමින් බැනර් පුවරු හා මල් රැගෙන පිළිගැනිමේ සටන් පාඨ කියමින් මග දෙපස රැස්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබයි.

ඒ වගේම ඔහු මෙලෙසින් සිය රටට පැමිණෙන්නේ හිටපු අගමැතිනි ෂෙයික් හසිනා බලයෙන් පහ කිරිමෙන් අනතුරුව වේ.

  ඇය ඝාතනයට කුමන්ත්‍රණය කිරීම ඇතුලු චෝදනා යටතේ රහ්මාන් වරදකරු කර තිබුණි .

නව පාලනය යටතේ එම බාධා ඉවත් කිරීමෙන් අනතුරුව ඔහු මෙලෙස සිය රටට පැමිණ ඇත.