මීට සුළු මොහොතකට පෙර රනිල් අධිකරණයට

Report

පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ ඇත.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයකට සහභාගි වීමට ලන්ඩනයට යාමට රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අඳාළ පැමිණිල්ල ගොනුකර ඇත.

දේශපාලන උණුසුම් කරගෙන අද තීරණාත්මක දිනයක්? රනිල්ට එරෙහි නඩුව කැඳවයි

දේශපාලන උණුසුම් කරගෙන අද තීරණාත්මක දිනයක්? රනිල්ට එරෙහි නඩුව කැඳවයි

එබැවින් ප්‍රකාශයක් ලබා දීමට ඉකුත් වසරේ අගෝස්තු මස 22වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අගෝස්තු මස 26 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් පසුව කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය හිටපු ජනාධිපතිවරයා රුපියල් ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප තුනක් යටතේ මුදාහැරීමට නියම කර තිබුණා.

දඹුල්ල තණ්ඩර්ස් හිමිකරු වරද පිළිගනී - මිලියන 24ක දඩයක් සහ වසර 5කට අත්හිටවූ සිරදඬුවම්

දඹුල්ල තණ්ඩර්ස් හිමිකරු වරද පිළිගනී - මිලියන 24ක දඩයක් සහ වසර 5කට අත්හිටවූ සිරදඬුවම්

බලංගොඩ කස්සප හිමිට බේරිල්ලක් නෑ - යළි රිමාන්ඩ්

බලංගොඩ කස්සප හිමිට බේරිල්ලක් නෑ - යළි රිමාන්ඩ්